සිතුවිල්ලේ අරුණැල්ල - සිව් වන දිගහැරුම
තරු දහසක් මැද
තනි වුනු තරුවක
දුක් ගී අසනට
තරු සිය ගණනක
පහස ලබන අර
සඳ එන් නැති බව
කියා දෙන්න
ඒ තනි වුනු තරුවට
රැහෙයි නාදෙ මැද
කළුවර රැය තුල
______ ImaAnthaya …
දකින නොදකින දනන් සැම නෙත්
වසා මිරිගුවෙ කඩතුරාවෙන්
සිනාසෙන මුත් සියල්ලන්
තුටින් සිටිනා ලෙස ඔහුන් ..
ලොව ඉසිඹුලන එක නිමේෂෙක
හඩයි කිරි දරුවන් ලෙසින් ...
සසර දුක දැක උකටලී වුව
නොහැක හැරෙනට
යළි යළී පතමි පැතුමන්
ප්‍රජාපතී මව් මගෙහි යන්නට
සසරෙදී .....
____ Dilani Inoka …
ඈත දිදුලන පුංචි තරුවක්
සේ වුනත් මගෙ ආදරේ
කියාගන්නට නොහැකි වදනින්
හඩයි දෑස් පිය හැම වරේ ..
නිදා නොනිදා ගෙවෙන රැය තුළ
මැවි මැවී නුඹෙ රුව පෙනේ
හදට අවනත නොමැති පැතුමක
සෝ සුසුම් වැල් දිගහැරේ..
සොයා ආවත් යළිදු මා වෙත
නුඹේ ආදරෙ මගෙ කියා
නුඹට නොදැනුනු මගේ සෙනෙහස
නොඑන ගමනින් දුර ගියා...
_______ Shanu Samarakon …
පැහැයක පැහැය
============
ඔය නුඹේ නෙත ගැටෙන-
උදාගිර රත් පැහැය,
රැය පුරා හැඬූ-
ඇගෙ නෙතේ රත යැයි
සැඳෑයම නිළඹරේ
ඉහිරුන දම් පැහැය
නුඹ’තින් තැළුණු-
ඇගේ කොපුලෙ පැහැය යැයි
කුණාටුව ඉසිඹුලන ඇසිල්ලට
ඒ ඇහෙන හෝ හෝව-
ඇගෙ සුසුම් යැයි
ගගන රූරා හැලෙන මහ වැස්ස
ඈ නෙතින් වට කඳුළ යැයි
නොදත් නුඹ,
තෙවැන්නී අත රැගෙන
ඔය ඇවිද යන මාවතේ
තුරු සෙවනැල්ල සේ
ඇගෙ සිත සිසිල් බව
දන්නේම නැත….
_____ නිලිකා ...
හැමදාම පහන් කණුව යට
දහසක් සිතුවිලි
පුංචි හිතේ ගුලිකරගෙන
පිටු අතරට නෙත් යොමන්නෙ
මට ගොඩ යන්න නෙමෙයි
මෙ මුඩුක්කුව ඇතුලෙ
අපාදුක් විදින
බඩට නොකා
මට කවන
මගෙ අම්මට
සුර ලෝකෙ පෙන්නන්න
එත් කරන්ට් එක ගිය දවසට?
_____ ඉසුරු උදාර..
මගේ සතුට ගෙන මටත් හොරෙන් නුඹ
ඉගිල ගිහින් අද සුදු මැණිකේ
වෙල් ඉපනැල්ලේ කරද කැලේ පෙම්
ගීත ගැයූ නුඹ අද කොතැනේ ...
වැව් කණ්ඩිය උඩ දැවටි දැවටි දෙඩු
පෙම් බස් කොතැනද ගොළු වූවේ
අපි පෙම් කළ හැටි මතකෙට එනවිට
හිත වාවන්නෑ මයෙ මැණිකේ ...
_____ සසූ ..
දුවගෙන ඇවිදින්
හිතම තිගස්සලා..
අහසක් තරම්
ආදරෙත් අරන්
තුරුළු උනා
හිත උඩින්ම...
සුන්දරයි අතීතයම
ආයෙමත් එන්න
ඒ ආදරේම අරන්..
තනි උන තැනමයි
තාමත් මම...
_____ සූකිරි ..
ඈත ඉසව්වක පිපුණු
කුමුදු මල නුඹසෙනෙහස් සුවද අරගෙනඇවිදින් මගේ හිත ළගපිපුණු අරුමය ...
සසර පුරුද්දට වගේ
මේ භවයෙත්
මගේම මගේම වෙලා
නුඹ මගේ හිත ළග
නැවතුනු අරුමය ...සත්තයි
ඔයාගෙ සෙනෙහසමගේ ඇස් දෙක තරමටමගොඩාක් පරිස්සමටමම රැකගන්නව ...
ඒ මගේ පොරොන්දුවක් ... !
_________හිරු ...
වාසනාවේ සුගන්දී....
===============
වාසනාවට පාර කියන්නට
නුඹේ කටහඩ වෙහෙසුනා
හංදියේ මදටිය හෙවනේ නුඹෙ
මන්දිරේ පොඩි ඉදිවුනා..
විස්සෙ කොලයට පාරෙ යන එන
ඇත්තො ඉද හිට නැවතුනා
නුඹේ දුක් නෙත් බලන්නටනම්
නිතර උන් හට බැරි වුණා..
පුංචි දෝණිගෙ අදත් මැසිවිලි
පංතියේ කොන හිමිවෙලා
අහිමි කරලා ඈට නිසි තැන
සපත්තුව ඉස්සර වෙලා..
දසත හඬගා හිනා මූණෙන්
වාසනාව ගැන මොර දෙනා
නැගණියේ නුඹෙ හිතේ දහදුක්
නිතර මා වෙත වදදෙනා..
#_අනුsh_
මවකගෙ උණුහුමට
පියෙකුගෙ සෙනෙහසට
වරම් අහිමිව
ඉපදුනෙන් මහ මගක ...
ඇති හැකි කෙනෙකුගෙන්
අයැදුවද පිහිටක්
නැත කිසිදු මිනිසත්කමක් ...
නැති බැරි අයම ඇති හැකි පමණින්
පිහිටවේය නිතැතින් ....
____ A.P. _____
No comments:
Post a Comment