'' අපි Fan page එකට මොකද්ද
කරන වෙනස ...?"
"හ්ම්ම් .. මෙහෙම කරමු. සහෘද නිර්මාණ වලට අපි Blog site එකක් හදමු .."
" Blog එකක් ..? "
" Blog එකක් ..? "
Blog කියන වචනෙ ඇහෙන හැම වතාවකම එයා ගැස්සුනේ හරියට මී මැස්සෙක් විදිනව වගේ. මට
හිතාගන්න බැරිවුනා ඇයි එයා Blog එක්ක මේ තරම්
අමනාප කියල. මං දන්නව Thoughts From heart සඟරාවට එයා හුගක්ම ආදරේ බව, යාළුවන්ගෙ කවි සිතුවිලිත් එක්ක
සඟරාව කරගෙන යන්න එයා කොයි තරම් ආසද කියලත් මම දන්නව. සමහරවිට එයා හිතන්න ඇති Blog එකත්
එක්ක අපේ සඟරාවට අඩු සැලකිලි ලැබේවි කියල මගෙන්. මැට්ටි ... Thoughts From Heart අපේ දරුවෙක් වගේ .
ඉතිං තව දරුවෙක් ලැබෙනකොට කලින් දරුවව අමතක කරන්නෙ කොයි තාත්තද .. මම නම් එහෙම
තාත්තෙක් නෙමෙයි.
කොහොමින් හරි, ජීවිතේ අලුත් පියවරක් ඔසවන්න
මං හිතන හැම මොහොතකම මටත් වඩා ඒ ගැන උනන්දු වෙන එයා මේ වැඩේට නම් දැරුවෙ හරිම
උදාසීන පිළිවෙතක්. සුළග වගේ ඉක්මණ් වුනු වචන එක්ක කදුළු වැහිත් නොවැටුනා නෙමෙයි.
ඒත් ... අන්තිමේ සාකච්ඡා මාර්ගයෙන් ප්රශ්නෙ විසදුනා. ඔන්න මං ඒක කළා.
දයාබර යහළුවනේ .... මේ අපේ විතරක් නෙමෙයි .... මේ ඔයාලගෙ ඉඩ කඩ. '' සහෘද නිර්මාණ
" සමග එකතු වුනු ඔයාලව අලුත් ඉසව්වකට කැන්දගෙන එන්න අපි හිතුවා. '' මිතුරු
පන්හිඳ " .... ඔයාලගෙ හිත් වල උපදින කවි සිතුවිලි වලට පියාපත් ගසලා ඉගිලිලා
ඇවිත් නවතින්න තැනුව ඉසව්ව. ඔයාලගෙම නිර්මාණ දැක බලාගෙන සතුටු වෙන්න විතරක් නෙමෙයි
ඒ ගැන කතා කරන්නත් , ඔයාලගෙ යහළුවන්වත් මේ ගැන දැනුවත් කරන්නටත් ආදරෙන් ඇරයුම් කරන
අපි ..................
නෙතූ සමග හේමන්ත