මතකද අද වගේම දවසක ඔයා
මට ගොඩාක් ආදරෙන් ළංවෙලා ඉද්දි.
මං ඔයාගේ නලල මත තිබ්බ හාදුව..
ඔයා ඒ ආදරය කොච්චර අපූරුවට විඳගත්තද..
එදා.. ඔයා මගේ අතට දුන්නු,
ඒ ලස්සන රෝස පැලේ මං මගෙ ගෙමිදුලෙම ඉන්දුවා..
ඒ පැලෙත් අපේ ආදරේ වගේ ලස්සනට
මල් පිපිලා.. සුවඳයි..
ඒත් ඒ සුවඳ අද වැස්සට හේදිලා ගිහින්..
ඇදහැලුණු ධාරානිපාත වැස්සට
රෝස මලේ පෙති ඔක්කොම කැඩිලා.
මිදුල පුරාවට විසිරිලා..
හිතට දුකක් දැනුනා.. ඒ මල ගැන නෙමේ...
නොසිතූ විදියට අනෝරා වැස්සකට
අසුවෙලා විසිරිලා ගිය අපේ ආදරය ගැන
රෝස පඳුර තවමත් මගෙ හිත බිඳිනවා..
අපේ ආදරේ මතක හිතට අරගෙන ඇවිත්...
ඔයා දුන්නු ආදරය වගේම....
___ කසුන් නවරත්න...
බටහිර අහසේ පායන තරුවක්
බලා හිදී ඇස් පිය නොහෙලා
දැනුනද මේ දුක වැටුනද කදුළක්
මගෙ මේ රතු ඇස් දෙක දැකලා ..
පාළුයි මහදට සීතයි මේ රැය
උණුහුම දුර ඈතකට වෙලා
කියමිද කෙලෙසින් මගෙ මේ හදවත
රිදුම් දෙනව මුළු ගතම වෙලා ..
බෝඩිමෙ සිටියත් යාළුවො ගොන්නක්
මං අද තනියම ගුලි ගැහිලා
මතක් වෙනව මට උන් හැටි තුරුලෙම
අම්මගෙ ඇකයේ දෑස් පියා ..
පාළුයි අම්මේ සීතයි මේ රැය
ඉන්නට ආසයි නුඹ ළගට වෙලා
එන්නද පියඹා මේ රෑ යාමෙම
නිදන්න පෙර සේ තුරුළු වෙලා
__ ශානු සමරකෝන් ..
ආදරණිය නොරිකෝට ලියමි..
නන්නාදුනන දේශයට ගොඩ බැස්ස වෙලේ ඉදන් මං හරිම නොසන්සුන් එත් දවසක් තානායමේදී හම්බුන උඹ ගැන හිතද්දී මේ ජිවිතේට හුරු වෙන්න කියලා හිත කියනවා ඇහුනා .උඹත් එක්ක ගෙවපු හැම මොහොතක්ම මගේ හැම හුස්මකටම කා වැදුනා බන් .උඹයි මායි ලෝක දෙකක .. එත් එක හිතක් වෙන්න තමා දැගලුවේ .උඹත් එක්ක සකේ බිලා හිතේ තිබුන හැම දේම උඹට කියුවේ සිහියෙන් කියන්න බැරි නිසා .කබුකි බලන්න ගිහින් උඹේ සිනිදු අත මගේ අතේ දැවැටෙද්දී හිත හිරි වැටුනා බන් .සකුරා මල් වලට වඩා මට උඹ ලස්සනයි .එත් අපි ගැලපෙන්නේ නැ බන් .අනේ මන්දා අපි වගේ ගොඩක් අය මේ ලෝකේ ඇති. උන්ට කියන්න දෙයක් මටනම් නැ .මගේ වල ගාවට උඹ හැමදාම වරෙන් ඇවිත් මලක් තියපන් . මන් ඒ මල ඉඹින්නම් ඒ උඹට මං තාමත් ආදරේ නිසා ...
මිට
දෙවෙන්දරා
_______________________________________
__ ඉසුරු උදාර ..
ඔයා නිසයි නෙතු පිය සැලුවේ
ඔයා නිසයි හසරැල් නැගුවේ
ඔයා නිසයි හද ගැස්මත් මට දැනුනේ
ඔබේ පෙම නිසයි යළි ජීවය ලැබුවේ ..
මිලාන වූ පෙම් සිහිනෙක සේයා
හදවත නටඹුන් බිමක් කළා
නුඹ ඇවිදින් ආයෙත් හද මඩළට
නටඹුන් බිම පුද බිමක් කළා ..
පුංචි කුරුළු ඇස් දෙකකට නොපෙනෙන
විශ්වයෙ මහ ගිරි ශිඛර මත
දේදුන්නක ඇති පාට සෙමින් ගෙන
කවි පද ගෙතුවෙමි අපේ පෙම ..
__ නෙතුහෂිනි සංජනා ...
හිත රිදුණු තැන් නම් බෝමැයි
මේ වසන්තය මගෙ නොවෙමැයි
නෙත කඳුළ වාවා හිඳිමැයි
මට මලක් වනු නම් බැරිවෙයි.....
සෙනෙහසේ සිසිලක් නොවෙමැයි
ගිණි වැදුණු කතරක හිඳිමැයි
රැළි සරැළි සෙනෙතට දුරමැයි
මට දොළක් වනු නම් බැරිවෙයි....
අවපසේ අඳුරත් බෝමැයි
ඒ අඳුර වෙත පෙම් බඳිමැයි
මුදු එළිය නොපෙනෙන දුරෙකැයි
මට සඳක් වනු නම් බැරිවෙයි......
__ අසන්ති පෙරේරා ..
ගව් ගණන් දුර රැදුන
ඔය දෙනෙත් මා සොයන
මගේ හිත ළගම හිද
පාරවයි නුඹේ සිත
දුකම විතරක් ඇයි
පෙම් කළත් මගෙ සිතට ..
නුඹට හැකි දැනගන්න
ඔය හිතට පෙම් කළ තරම
මගේ මළගම දාට
වෙන හිතක් නෑ ළං වෙන්න
සත්තමයි ඔයා මිස ..
හුස්ම මගෙ ඔයාමයි
හැමදාම මගේ පණ
දුර අරන් යන්නෙපා
ඈත සගවන්නෙපා
ඔය සෙනෙන් මා ලදිමි
මා නොලද ජීවිතය ..
__ හංසිකා රොසයිරෝ ...
රන් හුයකින් කිසිදාක බැදෙන්නැති
අතැගිලි අපගේ කුමට ඇතී
දෙහදක නලියන පැතුමන් ගුලිකර
කදුළු ගගක පා කරමි මෙසේ
භවයෙන් භවයට පැතුමන් පැතුවත්
මේ භවයේ අපි නොලද සෙනේ
දිවියම හඩවා පැතුමන් ඉහිරැණු
අපට අහිමි පෙම්වතුන් අපී ..
අතැගිලි බැදගෙන දුරකට ගියදා
අපේම වී අපි සිටිය හැටී
ලා නිල් අහසට වළාකුළක් වී
අනන්තයට පා වුනා අපී
හඩවන්නට බැරි නෙතු පිය අද්දර
හැමදා ඉගිබිගි පෑවා අපී
කදුළ ඉතිරි කර දුරක ගියේ නුඹ
ඇයිද කියා පවසන්න ළදේ ..
නුඹවත් අහිමිව ගිය පසු මා හට
මගේ කියන්නට කිසිත් නැතී
නුඹෙ ආදරයම වත්කම් වූ මට
තනිකම පමණක් උරුම වුණී
භවයෙන් භවයට හමුවී වෙන්වෙන
පැතුමන් අපටම උරුම ඇතී
දෛවයෙ විලසින් වෙන්ව ගියත් නුඹ
මගෙ හිත තාමත් නුඹට හිමී ...
___ ඉදුෂ පවන් ෂරින්ද ...
උඹව
යදම්ලා
සිර කෙරුවත්
අයාලේ ගිය
උඹේ හිත
යදම්ලා
හිර කරගන්න
බැරි උනා
මට
-සුකිරි-