මීට කලින්
දැකලා නැති අමුත්තෙක්....වීදියේ අහම්බෙන් හමුවෙනවා..අතරමං වෙලා වගෙයි..කාගෙන්වත්
උදව්වක් ඉල්ලන්න බයෙන් වගේ වට පිට බලනවා.
"ඔයාට මුකුත් කරදරයක් ද? කාව හරි හොයනව ද ? මාත් මේ දිහාවෙ..මට පුළුවන් උදව්
කරන්න..."
මම කිව්වා.
"හ්ම්ම්....මට
සතුටුයි..හඳුනගන්න ලැබීම සතුටුක්!"
ඔහු වදන්
ගලපන්න පටන්ගත්තා..
"ඒ වුණත්..,
කාටවත් බෑ මට
උදව් කරන්න.මම අතරමං වෙලා හුඟ කාලෙක ඉඳලා..හැමෝම මාව රැවැට්ටුවා..මට ආදරෙයි
කියලා..
මට ආයෙත්
රැවටෙන්න බෑ"
"මම යන්නම්.."
මම ඔහුට
සමුදුන්නා..
"සුබ ගමන්!"
*******************
අපි නැවත
නැවතත් හමුවුණා..ඒත් අපි කතා කළේ ඇස් වලින් විතරයි..දවසක් ඔහු එන පෙරමඟ උවමනාවෙන්ම
මඟ හැරියා..මම දැක්කා ඒ ඇස් හොයන්නෙ මාව කියලා.
පහුවදා
සුපුරුදු වීදියේ නැවත අපේ ඇස් කතා කළා.
අද ආඩම්බරකම
ගෙදර තියලා ඇවිත්...
"ඔයාට පුළුවන් ද මගේ
ජීවිතයට සෙවණැල්ලක් වෙන්න...මම යන දිහාවෙ මගෙ ළඟින් ඉන්න..මට හරි පාර කියලා දෙන්න..."
පිටු ගණනාවක
කතාවක් ...පේළි දෙකකින් ඉවර කළා.
ඇත්ත
කියන්නම්..මාත් බලාගෙන හිටියේ මේ දවස එනකම්..
මම පොරොන්දු
වුනා..
"ඒත් මට බැහැ
කළුපාට..අඳුරු,හෙවණැල්ලක්
වෙන්න.."
ඔහුගේ ඇස්
මවිතයෙන් විසල් වුනා..
"මම පහන් තරුවක්
වෙන්නම්...ඔයාට පාර කියන...සුළං රැල්ලක් වෙන්නම්..විඩාව නිවන..සිහිල් දිය උල්පතක්
වෙන්නම් ..පිපාසය සන්සිඳුවන...මල් ඇතිරිල්ලක් වෙන්නම්.. ඔයා එන පෙරමඟ.."
හ්ම්ම්ම්.....
නිහැඬියාවක්..
ඉතින් ඊට
පස්සේ......ඒ "ඇස්"....මගේම වුනා........
**********************************