පින්බර අහස
කදුළු අතුරන දිනෙක
මගේ මළගම ලබයි
නුඹ නොවරදවාම එන්න ..
දැවෙන චිතකයේ කොනක
නිවුනු අගුරක් තියෙයි නුඹට..
රැගෙන සටහන් කරන් මගේ මිතුර
මගේ පණ නල වියැකි
අවසන් මොහොත..
_ නිශා හර්ෂණී _
මම දුන්නු ආදරේ ඔබ හට මදි වෙන්න ඇති
අන් හිතක් පතන්නට මම වැරදි කරන්න ඇති
ළග ඉදන් නිරතුරුව ඔබට දුක් දෙන්න ඇති ..
ආදරේ නැති නිසා නොව ආදරේ
මගෙ වැඩි වෙන්න ඇති ...
මගෙන් නොලැබුණු තරම් සෙනෙහස
අද ඔහුගෙන් හිමිවෙනව ඇති
ඔබට නොතේරෙන තරමට මං
ඔබට පෙම් කරන්න ඇති ..
_A.P._
සිහිකළත් නුඹේ හඩ සවනතේ හංගාන
සිටියත් නුඹේ රුව නෙත් කොනේ රුවාගෙන
දුර ගියත් මා දමා නොඑන ලෙස හැමදාම
තවම මට බැරිවුනා ඔය හිතින් සමුගන්න..
කවි කළත් සුසුම් පෙළ එළිවැටේ නුඹ තියාන
තේරුමක් නැති වුනත් ලියුව හැම කවියකම
ළග නැතත් තුරුළුවී හෙමි හෙමින් මුමුණනන්න
තවම මට බැරිවුනා ඔය හිතින් සමුගන්න..
ඇති තරම් පෙම් කළත් මගේ හිත ඔය හිතට
වැළපුනත් තුන්යමේ සිත සිතා නුඹ ගැනම
වැටහුනත් ඔය හිත හැමදාම අහිමි බව
තවම මට බැරිවුනා ඔය හිතින් සමුගන්න..
__ ශානු සමරකෝන් _
උදෑසන
අපේක්ෂාවක පැහැයත් ..
දහවල
තනිකමක පැහැයත්
හැන්දෑවක
සන්තුෂ්ටියක පැහැයත්
රාත්‍රියක
සරාගී පැහැයත්
එකට එක ගෙන මුහු කර
කදුළක දියකර
සිනාවකින් එළිය කර
වේදනාවක කලතමින්
දරදඩු හිතක
සුමුදු තැන් පිරිමැද
විපිළිසර හුස්මක
අසංවාදී ගැස්මක
තවමත් සොයමි
අාදරයේ පැහැය...
____රතු අහස ...
හෙට නවමු තුරු පෙළක
සිහින දහසක් දරා
සුවඳ දී පුදසුනේ
නැමද බුදු හිමි දෙපා
මිහි මතෙහි බිජු වපුරා
ජල බිඳක සුව ලබා
විසිර යමි දහස් පෙති
සුතන් සහසක් සදා.......
-දාස්පෙති-
සෙනෙහෙබර ඔය හිතට
දුකක් නම් නොම වෙන්න
සත්තයි.....
මම ආදරය කළා
ඔය ඇස් දෙකට
බලා සිටියා ඔබේ දෙස
නෙතු පියන් යට සඟවාගෙන
ඇත්තමයි...
ගොඩාක් දුක් වින්දා
ඔබේ නමින් මම
ඔබට දැනෙනවා නම්
මගේ ආදරය...
-අසංක අත්තනායක-
හුස්මකින් වත් දුරස් වෙන්නට නොහැකි කිව් නුබඹ…
මගේ හුස්මත් උදුරගෙන දුරකටම ගිය අරුම……
මියෙන්නට මම මොහොතකට පෙර මේ ලියන කවිය…
නුබේ සියතින් මගේ සොහොනේ ලියා යනු මැනව……
හිතුවක්කාර මාල ගිරවි [ඩිස්මි]
විටෙක හිත කේන්තියෙන්
පුපුරවාලන
තවත් විටෙක සිත
දැහැන්ගත කරන
පුදුමයි මේ ආදරෙත්...
මියුරු හැඟුමින්
හිත කුල්මත් කරවන..
ශෝකයෙන් සිත්
වෙන් කරවන..
පුදුමයි මේ ආදරෙත්...
-සුකිරි බටිල්ලා-
කුරුටු නොගෑ මගේ කුරුට්ට..
*******************************
සිහගිරි ආමි
ළදුන් දිටිමි
හැගුම් බෝමි
ගලේ ඉඩ මදි
ආපසු හැරෙමි
ගෙදර ගොස් ලියමි...
#_අනුsh_