මම වැඩ ඉවරවෙලා මගේ දුරකතනය බැලුවේ නිකමට වගේ.. අයියෝ... miss call, msg පෝලිමට.. හෙමිට ඔෆිස් එකේ ටී රූම් එකට ගිය මම ඇමතුමක් ගත්තේ ඔයාට. ටික වෙලාවක් රින්ස් ගියා. ඔය ෆෝන් එක උස්සන්න.. එත් කොහොම හරි ඔය ෆෝන් එක answer කලා.
"හෙලෝ..." මම ඔයාට කතා කලා මුලින්ම..
"හෙලෝ... වැඩකද උන්නේ..." ඔය මගෙන් ඇහුවා..
"හ්ම්ම් ඔව් පැටියො ටිකක් වැඩ වැඩියි.. කෑවද ඔයා..?" මම ඇහුවේ ඇත්තටම ගොඩාක් ආදරෙන්..
"ඔව් ඔයා කෑවද.. අයියේ?"
"හ්ම්ම් ඔව් මම කෑවා.."
"ශුවර්ද..?" ඔයා එකපාරටම ඇහුවම මට කියන්න දෙයක් නැතිව ගියා..
"ඇයි ඔයාට මාව විශ්වාස නැද්ද..?" මම හෙමින් ඇහුවා..
"අනේ නෑ මට ඔයාව මටත් වඩා විශ්වාසයි.." ඔයා කිව්වෙ මම අවුලින් වගේ කියලා ඔයාට දැනුන නිසා වෙන්නැති..
"හ්ම්ම් එහෙමද..? මොකද දැන් කරන්නේ.."
"මමද.." ඔයා එහෙම ඇහුවේ හරිම හුරතලෙන්..
"ඔව් රත්තරනේ ඔයා තමා.." මට ගොඩාක් ආදරේ හිතුනා..
"මම කුස්සියට වෙලා.." ඔය කිව්වෙ නිකන් කතන්දරයක් කියන්න පටන් ගන්නවා වගේ..
"හ්ම්ම්" මමත් ඔයා කියන දේ අහගෙන උන්නා.. ඔයා කිව්ව හැම වචනෙම හරි හුරතල්..
"මම කුස්සියට වෙලා..."
"හ්ම්ම්"
"බංකුවක ඉඳගෙන..."
"හ්ම්ම්"
"ෆෝන් එකත් කනේ තියාගෙන..."
"හ්ම්ම්"
"වටේ පිටේ ඉන්න සත්තු දිහා බල බල.."
"හ්ම්ම් බල බල.. " මට හිනා ගියා...
"චූටි බස්සෙකුට කතා කරනවා..."
"බස්සා.. කවුද මමද.." මට ආව හිනාව යටපත් කරගෙන මම ඇහුව...
"ඔව් ඔයා තමා මගේ චූටි බස්සා.." ඔයා ගොඩාක් ආදරෙන් කිව්වා..
"හ්ම්ම්"
"හ්ම්ම්"
"හ්ම්ම්"
"අපෝ කතා කරන්නකෝ.." ඔයා එහෙම කියද්දී මම තනියම හිනාවෙනවා...
"ඉතින් මම බස්සනේ.." මම හිනාවෙවී කිව්වා..
"හ්ම්ම් එකනේ.." ඔයත් හිනාවෙවී කිව්වා..
"කොහොමද රත්තරන් ඔච්චර ලස්සනට කතා කරන්න ඉගෙන ගත්තේ...?" මං ඇහුවේ හිතේ මෙච්චර වෙලාවක් හිර කරන් තිබුන ආදරේ එලියට දාන්න වගේ,,
"ඔයාගෙන් තමයි.." ඔයා තාමත් හුරතලෙන්...
මොන එකක්ද මංදා එකපාරටම ෆෝන් එක ඔෆ් වුනා...frown emoticonfrown emoticon
________________________________________පෙළගැස්ම - කසුන් නවරත්න
සිංහල ගී පදවැල්
Thursday, May 14, 2015
ඇරඹුමක කොටස්කරුවෝ
මුහුණු පොතේ, Thoughts From Heart මුල්ම " සහෘද නිර්මාණ පිටුව" සිතුවිලි වලින් හැඩ කළ අපේ මිතුරෝ ...
සැඳෑව
*********
කුර ගගා ගෙට ඇදෙන
සිහිල මුසු මද පවන
වළා රත් පැහැ කරන
නිශා යම හේඩාව
කිචිබිචිය කළබලය
නිහඬ වන රේඛාව
තරු ඉහෙන හඳ පිපෙන
ගොළුවත පිරෙන සේයාව
කඳු මුවාවෙහි ඇඳෙන
ඉර නිදන හෝරාව.
_________
*නිලිකා*
තුරු වියනෙ හැපි හැපි
කිති කවා තුරුපත් පෙති දෙපෙති
එහෙ මෙහෙ කරන්නේ සුළග අතු ඉති
නෙතු යොමා බලන්නැයි නිල් අහස දෙස
වැසී තුරු වියනෙන් සැගව ඇති ..
හරියටම කිව්වොත් ඒ අහස
නුඹෙන් සගවන මගෙ හිතට සම ඇති..
__________ තරුෂි සිරිගම්පල ..
හුස්ම අරන් යන තරමට
ආදරෙ දෙන්නේ ඇයිදැයි
ඔය නෙතු අද්දරට ඇවිත්
අහන් ඉන්න මට ආසයි.....
පුංචිම චූටිම දේටත්
දෙනෙත් බොදව රූරා වැටෙන
කදුළැලි හිතුවක්කාරයි
කියා දෙන්න මට පුදුමයි..........
හෙමින් ඇවිත් මුහුණ තියන්
ආදර හුස්මක උණුසුම
විදින්න ඔය පපුතුර මට
ලැබෙන දිනය තව ඈතයි........
නුඹෙ දෑසින් ලොව දකිනා
නුඹෙ හුස්මෙන් දිවි ලබනා
ඔය සෙනෙහෙන් එපිට ලොවක්
"සුදු අම්මි" ට නැත ඇත්තයි......
_____ නෙතුහෂිණි සංජනා ..
පියෙකු නැති පුතුට
මවක් වූ නුඹ
පෙම් කලේ මට
දෙවෙනි වරටත්
බඹර තුඩු වල
පහස නොදැනද...
ලැගුම්හල් කුටිය තුළ
ඉතිර ගිය කිරි සුවඳ
පැරද ගිය රාග ගින්නට
රැවටුනිද ඔබ
දෙවෙනි වරටත්
සල්ලාල සෙනෙහසට....
__ සුදේශ් අමිල ..
Subscribe to:
Posts (Atom)