Saturday, May 30, 2015

සිතිවිල්ලේ අරුණැල්ල - දෙවන දිගහැරුම


සයුරු රළ පෙළ වෙරළ සිප ගෙන
ඈතට දිව යන හැටි මනරම්
දුරට ගිය රැළි නේන බව දැන
වෙරළ ඉකිබිඳ හඬන තරම්.........
නැවුම් රළ පෙළ විගස ඇවිදින්
වෙරළ මත මුදු හාදු තියන්
මතක සැමරුම් ඉතිරි කර යළි
ඇදෙයි ඈතට හෙමි හෙමින් ...
දැන දැනත් යළි නේන බව රළ
වෙරළ ආදරේ කල තරම්
දන්නවා මුතු පබළු රහසින්
වෙරළ මග බලනා තරම්......
_ශානු සමරකෝන්_ 

වර්තමාන ප්‍රේමය
පැනක්
කොලයක්
නැද්ද
අහලක
පට්ට
කැල්ලක්
ඉන්නවා
නොම්බරේ
දිගන්න....
..ඉසුරු උදාර...


පාරට බැහැල
ඇවිදන් යනකොට
මෙච්චර දුරක්
ආවද කියල
හිතෙනව වෙලාවකට
ඒත් කොච්චර දුරක්
ආවද දන්නෙත් නෑ
තව කොච්චර දුරක්
යන්න තියනවද
දන්නෙත් නෑ
මගේ ජීවිතේ...
..සුකිරි ..

සඳක් වෙලා පායා එන්න
මගේ ලොවට එලිය අරන්
දොළක් වෙලා ගලා යන්න
මගේ සිතට සිහිල අරන්
මලක් වෙලා පිපි එන්න
මගේ ලොවට සුවඳ අරන්
සදා කල්ම ලඟින් ඉන්න
මගේ සිතට සතුට අරන්.......
__අසංක අත්තනායක__

ආදරේට පාර කියන
ජීවිතේම පාට කරන
හීන ගෙනත් හිත පුරවන
මා රැවටුන ඒ මිරිඟුව..
තාමත් සිත මටත් හොරා
හැල්මේ දුව ගොස් නවතින
මිදුමකින් නෙතු බොඳ වන
ඒ නුඹේ ආදරේ ..
සිතිවිලි හා කඳුළු පුරවන
කඳුළු මගේ තනි රකින
මගෙත් නොවන මගේම වන
ඒ සඳවත ..
ආයෙ ඇවිත් නෙතු තෙමන්න
නුඹට තාම ඇත අවසර
ළඟදීම එන පුන් පෝ දින
අවසන් වෙයි නුඹේ වරම..
--අනුරාධ ප්‍රසාද්--

දිවිනහ ගත් කූඹියෙක්..

කූඹියෙකුට උනත්
තියේවිලු හිතක්..
කූඹියෙකුට උනත්
දැනේවිලු පෙමක්..

කූඹියෙක් උනත්
බිදුණු දාට පෙමක්
හිත රිදෙන හින්දලූ
කහට කෝප්පයටම පැන
දිවි නසා ගන්නේ....

#_අනුsh_

මටත් හිතයි නුඹේ ඇස් ගැන
අහස පුරා කවි ලියන්න
හිරුට තරු සඳුට
ආදර ගීත ගයන්න
ඔබෙයි මගෙයි කතන්දරේ
ලොවට කියන්න..
මට ආසයි නුඹේ හිනාව
සමනල තටුවකට අරන්
සමන් පිච්ච්ච මල් කැකුලක
පෙති සරසන්න
සියුමැලි සුදු මල් පෙති
එකිනෙක පිබිදෙන්න..
මහ රෑ කළුවරේ පිපෙන
හෙන්දිරික්ක මල් ගොමුවක
ආසයි මට ඔය නිල්නෙතු
තුළ කිමිදෙන්න
ඇත්නම් මට ඔය නා දළු
තොල් සිප ගන්න.......
-නෙතුහෂිනි සංජනා- 

හදවත පුරාම රූපය තියාන
දුරකට ගියාට ඔබ පෙර දිනෙක
යලි එන දාට මේ සිත ළඟට
අරන් එන්න ඔබ ගෙන ගිය සුවඳ
අපේ ආදරේ සුවඳ..
නෙත් මත තියාන ඔය නෙත් දෙකෙන්ම
මා හට කියූව පෙම් කවිය
මතකය තාම හදවත ළඟම
සිහිවේ ගෙවෙන හැම දිනම
ඔබ වේ කුසුම මා සෙව්ව..
කඳුළුත් එක්ක දුක්බර හීන
මතුවෙන රෑක ඔබ කොහිද..
දැනුනේ නැතිද වෙන්වුනු දාක
හඬනා වගක් මේ නෙත් සඟල
ඔබ නැති නිසා මතු දාක...
චූටි බස්සා..

තෙත බරිත නුවන් අග
සිනා හසකැන් මවා
ගිමන ළඟ සිසිල ගෙන
මද පවනෙ දැවටිලා
නොසිතු මොහොතක නුඹේ
හද විලම කළඹලා
පිපෙමි මම කුසුමක්ව
නැවුම් සුවඳින් වෙලා
-දාස්පෙති- 

ස්වේත මීදුම් ගලන උදයේ
ලහිරු කිරණින් පිනි දවන විට
පිනි සේම දිලුනා නුඹේ වත
නුඹ එක්ක බැඳුණා මගේ හිත
සෑම හිමිදිරි උදෑසනකම
නුඹව දැකගනු රිසින් මානෙත
සහස් වර දැවුනා අනේකව
දහස් දුක් දුන්නා
ඈත සමුදුරු සතක් ගියතැන
මා එතැයි නුඹ මග බලනවද
කෝල විලසින් බමන දෙනයන
මා සොයා තවමත් සරනවද
නුඹේ කෙහෙරැලි සමග මත්වී
මදනලත් දඟකම් කරනවද
ක්ෂිතිජ රේඛාවෙන් එහා දුර
මා ගිහින් බව නුඹ දන්නවද..
-අසේල රුක්ෂාන්- 

ඔබ එන තුරා
පෙරමග බලා
නෙතු රතු උනා
කඳුලැලි ගලා
ඔබ නැති නිසා
වෙනතක බලා
හිත සිර කලා
සඟවා තබා
ඔබ එයි සිතා
හැඬු නෙතු මෙදා
ඔබ ආ නිසා
දැන් හිනැහිලා
එනමුත් මෙදා
බෑ ලං වෙලා
ගන්නට බෙදා
සෙනෙහස එදා
ඔබ ඇගෙ වෙලා
මා දුර මෙදා
අපි වෙන්වෙලා
හිත් ළඟ තබා..
-දිලානි ඉනෝකා -
ගබ්සාව....

අසා ඇතිමුත් මවක සෙනෙහස සමුදුරට වැඩි යැයි කියා
විඳින්නට පෙර කරපු පින්මද
වීද නොදනිමි මට මෙදා
රැවුම් ගෙරවුම් ලෝකයෙන් එන
ඉවත හරිනට සිත සිතා
මවුනි නුඹ මට හැරී යන්නැයි
පැවසුවේ නොකියම
"පුතා".........!!

දිනෙක සෙනෙහස ලබන මොහොතක වඩින්නැයි ඇරයුම් ලබා
දුන්නෙ නුඹමයි තාම මතකයි
මවුනි නුඹ දෙඩු පෙම් කතා..!!
ඇහිරුවානම් මා වඩින මග
නොවෙයි මේ වැනි දුක් මහා
මගේ අම්මේ වේදනාවන් ඉවසගමි නොකියම කතා...!!

නුඹට ගැරහුම් දිදී පල නැත තවත් සුරතල් වී කුසේ
යා යුතුයි දැන් නොවේ කඳුළක් ගැලූවද රුධිරය ගතේ
තවත් මොහොතින් නතර වනු ඇත ගැහෙන හඬ වුව හදවතේ
ඉතිං අම්මේ අවසරයි මට.....
තවත් මං නුඹෙ
පුතු නොවේ......!!!!!!!
--Asanthi  Perera--
නැගෙනා හිරුරැස් සමගින් වෙලිලා ඔබ වෙත දිව එන්නම් ...
ඉඩ ලැබෙනා හැම මොහොතක් පාසා ඔබෙ නම මුමුණන්නම් ..
උපදින හැමදා ඔබේම වන්නට දෙවියන් යදිනෙමි මං ...
අම්මේ ඔබ මතු බුදුවන භවයෙත් මා පොඩි පුතු වෙන්නම් ...
______නුවන්ත ප්‍රභාෂ් ______ 


හෙට

නින්දක කෙලවර නොව
දවසක ඇරඹුම නොව
පැය විසි හතරක අවසානය නොව
එලඹෙන්නක් ද නොව

එහි පිරී ඇත්තේ................

පෙර දින අප කල කී දෙයෙහි
ප්‍රතිඵල හා අප
මවා ගත් ලෝකය තුල රඟමින්
නිර්මාණය කරන දෑය.
-ඉසුරු- [උදා වී නැත]
 

No comments:

Post a Comment