මම වැඩ ඉවරවෙලා මගේ දුරකතනය බැලුවේ නිකමට වගේ.. අයියෝ... miss call, msg පෝලිමට.. හෙමිට ඔෆිස් එකේ ටී රූම් එකට ගිය මම ඇමතුමක් ගත්තේ ඔයාට. ටික වෙලාවක් රින්ස් ගියා. ඔය ෆෝන් එක උස්සන්න.. එත් කොහොම හරි ඔය ෆෝන් එක answer කලා.
"හෙලෝ..." මම ඔයාට කතා කලා මුලින්ම..
"හෙලෝ... වැඩකද උන්නේ..." ඔය මගෙන් ඇහුවා..
"හ්ම්ම් ඔව් පැටියො ටිකක් වැඩ වැඩියි.. කෑවද ඔයා..?" මම ඇහුවේ ඇත්තටම ගොඩාක් ආදරෙන්..
"ඔව් ඔයා කෑවද.. අයියේ?"
"හ්ම්ම් ඔව් මම කෑවා.."
"ශුවර්ද..?" ඔයා එකපාරටම ඇහුවම මට කියන්න දෙයක් නැතිව ගියා..
"ඇයි ඔයාට මාව විශ්වාස නැද්ද..?" මම හෙමින් ඇහුවා..
"අනේ නෑ මට ඔයාව මටත් වඩා විශ්වාසයි.." ඔයා කිව්වෙ මම අවුලින් වගේ කියලා ඔයාට දැනුන නිසා වෙන්නැති..
"හ්ම්ම් එහෙමද..? මොකද දැන් කරන්නේ.."
"මමද.." ඔයා එහෙම ඇහුවේ හරිම හුරතලෙන්..
"ඔව් රත්තරනේ ඔයා තමා.." මට ගොඩාක් ආදරේ හිතුනා..
"මම කුස්සියට වෙලා.." ඔය කිව්වෙ නිකන් කතන්දරයක් කියන්න පටන් ගන්නවා වගේ..
"හ්ම්ම්" මමත් ඔයා කියන දේ අහගෙන උන්නා.. ඔයා කිව්ව හැම වචනෙම හරි හුරතල්..
"මම කුස්සියට වෙලා..."
"හ්ම්ම්"
"බංකුවක ඉඳගෙන..."
"හ්ම්ම්"
"ෆෝන් එකත් කනේ තියාගෙන..."
"හ්ම්ම්"
"වටේ පිටේ ඉන්න සත්තු දිහා බල බල.."
"හ්ම්ම් බල බල.. " මට හිනා ගියා...
"චූටි බස්සෙකුට කතා කරනවා..."
"බස්සා.. කවුද මමද.." මට ආව හිනාව යටපත් කරගෙන මම ඇහුව...
"ඔව් ඔයා තමා මගේ චූටි බස්සා.." ඔයා ගොඩාක් ආදරෙන් කිව්වා..
"හ්ම්ම්"
"හ්ම්ම්"
"හ්ම්ම්"
"අපෝ කතා කරන්නකෝ.." ඔයා එහෙම කියද්දී මම තනියම හිනාවෙනවා...
"ඉතින් මම බස්සනේ.." මම හිනාවෙවී කිව්වා..
"හ්ම්ම් එකනේ.." ඔයත් හිනාවෙවී කිව්වා..
"කොහොමද රත්තරන් ඔච්චර ලස්සනට කතා කරන්න ඉගෙන ගත්තේ...?" මං ඇහුවේ හිතේ මෙච්චර වෙලාවක් හිර කරන් තිබුන ආදරේ එලියට දාන්න වගේ,,
"ඔයාගෙන් තමයි.." ඔයා තාමත් හුරතලෙන්...
මොන එකක්ද මංදා එකපාරටම ෆෝන් එක ඔෆ් වුනා...frown emoticonfrown emoticon
________________________________________පෙළගැස්ම - කසුන් නවරත්න
No comments:
Post a Comment