ඒ එක්තරා ලා අදුර ගලන සන්ධ්‍යාවක් විය. තවමත් බැස යන හිරුගේ මලානික සෙවනැලි අහසේ යන්තම් ඉතිරි වී ඇත. මෙහෙණි ආරණ්‍යයේ වැලි මළුවේ සක්මන් කළ මම යාබද ගල් තලාව මත හිද ගතිමි. මෙතෙක් ගෙවූ ජීවිතය තුළ අරමුණු, අපෙක්ෂා, ඉලක්ක පිටුපස එක එල්ලේ හඹා ගිය මට දැන් හති වැටුනු වගක් දැනේ. එබැවින් මම මොහොතක් නැවතී ජීවිතය දෙස ආපසු හැරී බලමි. ඒ මගේ ලාබාලම වියේ පැරණිතම මතකයයි. ඇස් බෝනික්කෙකු මගේ ලොකුම අපේක්ෂාවයි. එයම ඉල්ලමින් හඩමින් අවසානයේ කෙසේ හෝ බෝනික්කා මගේ කරගතිමි. කාලයේ ඇවෑමෙන් මට බෝනික්කා අමතක විය.
ඒ මා අකුරට හුරු වූ කාලයයි. එකල මට අවැසි පොත පතමය. අම්මා කියූ පරිදි “ විභාගේ පාස් වුනොත් ලොකු ඉස්කෝලෙකට ගියෑකි “ ය යන අරමුණ මුදුන් පමුණුවා ගන්නා තුරුම මම ඒ වෙනුවෙන් වෙහෙසුනෙමි, කැපවුනෙමි. අවසානයේ එයින්ද මා ජය ගතිමි. එහෙත් මා ලබා ගත් ජයග්‍රහණය විදිමින් එහි රැදී සිටින්නට ඉඩ නොතබා තවත් ඉලක්ක, අරමුණු, අපේක්ෂා එකින් එක දිගින් දිගට ... සාමාන්‍ය පෙළ, උසස් පෙළ, උපාධිය සියල්ලට වෙහෙසෙමින් ඒවා දිනා ගනිමින් යළි යළිත් අලුත් අරමුණු වෙනුවෙන් වෙහෙසෙමින් මා ලබා ගත් දේ බොහෝය. එහෙත් තරගය තවම නිමා වී නැත. ඊලගට රැකියා තරගය සදහා පොරට වැටිය යුතු වුවද මට දැන් වෙහෙසය. ලබා ගත් සියළු දේ කර තබාගෙන යන ඒ ගමන මට වෙහෙසය. ඉතින් සියළු දේ බිම තබා මම නැවතුනෙමි.
ඈත කදු හිස් සිප එන මද සුළග සිත සන්සුන් කරවයි. මම දෑස් පියා ගතිමි. මොහොතකට වුව නිරාමිස සුවයට ඉතා සමීප සුවයක් මා විදින වග මට දැනේ .. මට හැගේ .. දැන් මා හිස් අවකාශයේ සරන පුළුං රොදක් සේ සැහැල්ලුය. එහෙත්..... එයින් මිදී යළිදු මා මේ ජීවිතය නම් වූ තරග පිටියට පිවිසිය යුතු නොවේද ... ???
____ දාස් පෙති ____
සිංහල ගී පදවැල්
Sunday, June 21, 2015
__________සිතක වෙහෙස___________
සිතුවිල්ලේ අරුණැල්ල - සිව් වන දිගහැරුම
තරු දහසක් මැද
තනි වුනු තරුවක
දුක් ගී අසනට
තරු සිය ගණනක
පහස ලබන අර
සඳ එන් නැති බව
කියා දෙන්න
ඒ තනි වුනු තරුවට
රැහෙයි නාදෙ මැද
කළුවර රැය තුල
______ ImaAnthaya …
දකින නොදකින දනන් සැම නෙත්
වසා මිරිගුවෙ කඩතුරාවෙන්
සිනාසෙන මුත් සියල්ලන්
තුටින් සිටිනා ලෙස ඔහුන් ..
ලොව ඉසිඹුලන එක නිමේෂෙක
හඩයි කිරි දරුවන් ලෙසින් ...
සසර දුක දැක උකටලී වුව
නොහැක හැරෙනට
යළි යළී පතමි පැතුමන්
ප්‍රජාපතී මව් මගෙහි යන්නට
සසරෙදී .....
____ Dilani Inoka …
ඈත දිදුලන පුංචි තරුවක්
සේ වුනත් මගෙ ආදරේ
කියාගන්නට නොහැකි වදනින්
හඩයි දෑස් පිය හැම වරේ ..
නිදා නොනිදා ගෙවෙන රැය තුළ
මැවි මැවී නුඹෙ රුව පෙනේ
හදට අවනත නොමැති පැතුමක
සෝ සුසුම් වැල් දිගහැරේ..
සොයා ආවත් යළිදු මා වෙත
නුඹේ ආදරෙ මගෙ කියා
නුඹට නොදැනුනු මගේ සෙනෙහස
නොඑන ගමනින් දුර ගියා...
_______ Shanu Samarakon …
පැහැයක පැහැය
============
ඔය නුඹේ නෙත ගැටෙන-
උදාගිර රත් පැහැය,
රැය පුරා හැඬූ-
ඇගෙ නෙතේ රත යැයි
සැඳෑයම නිළඹරේ
ඉහිරුන දම් පැහැය
නුඹ’තින් තැළුණු-
ඇගේ කොපුලෙ පැහැය යැයි
කුණාටුව ඉසිඹුලන ඇසිල්ලට
ඒ ඇහෙන හෝ හෝව-
ඇගෙ සුසුම් යැයි
ගගන රූරා හැලෙන මහ වැස්ස
ඈ නෙතින් වට කඳුළ යැයි
නොදත් නුඹ,
තෙවැන්නී අත රැගෙන
ඔය ඇවිද යන මාවතේ
තුරු සෙවනැල්ල සේ
ඇගෙ සිත සිසිල් බව
දන්නේම නැත….
_____ නිලිකා ...
හැමදාම පහන් කණුව යට
දහසක් සිතුවිලි
පුංචි හිතේ ගුලිකරගෙන
පිටු අතරට නෙත් යොමන්නෙ
මට ගොඩ යන්න නෙමෙයි
මෙ මුඩුක්කුව ඇතුලෙ
අපාදුක් විදින
බඩට නොකා
මට කවන
මගෙ අම්මට
සුර ලෝකෙ පෙන්නන්න
එත් කරන්ට් එක ගිය දවසට?
_____ ඉසුරු උදාර..
මගේ සතුට ගෙන මටත් හොරෙන් නුඹ
ඉගිල ගිහින් අද සුදු මැණිකේ
වෙල් ඉපනැල්ලේ කරද කැලේ පෙම්
ගීත ගැයූ නුඹ අද කොතැනේ ...
වැව් කණ්ඩිය උඩ දැවටි දැවටි දෙඩු
පෙම් බස් කොතැනද ගොළු වූවේ
අපි පෙම් කළ හැටි මතකෙට එනවිට
හිත වාවන්නෑ මයෙ මැණිකේ ...
_____ සසූ ..
දුවගෙන ඇවිදින්
හිතම තිගස්සලා..
අහසක් තරම්
ආදරෙත් අරන්
තුරුළු උනා
හිත උඩින්ම...
සුන්දරයි අතීතයම
ආයෙමත් එන්න
ඒ ආදරේම අරන්..
තනි උන තැනමයි
තාමත් මම...
_____ සූකිරි ..
ඈත ඉසව්වක පිපුණු
කුමුදු මල නුඹසෙනෙහස් සුවද අරගෙනඇවිදින් මගේ හිත ළගපිපුණු අරුමය ...
සසර පුරුද්දට වගේ
මේ භවයෙත්
මගේම මගේම වෙලා
නුඹ මගේ හිත ළග
නැවතුනු අරුමය ...සත්තයි
ඔයාගෙ සෙනෙහසමගේ ඇස් දෙක තරමටමගොඩාක් පරිස්සමටමම රැකගන්නව ... ඒ මගේ පොරොන්දුවක් ... !
_________හිරු ...
වාසනාවේ සුගන්දී....
===============
වාසනාවට පාර කියන්නට
නුඹේ කටහඩ වෙහෙසුනා
හංදියේ මදටිය හෙවනේ නුඹෙ
මන්දිරේ පොඩි ඉදිවුනා..
විස්සෙ කොලයට පාරෙ යන එන
ඇත්තො ඉද හිට නැවතුනා
නුඹේ දුක් නෙත් බලන්නටනම්
නිතර උන් හට බැරි වුණා..
පුංචි දෝණිගෙ අදත් මැසිවිලි
පංතියේ කොන හිමිවෙලා
අහිමි කරලා ඈට නිසි තැන
සපත්තුව ඉස්සර වෙලා..
දසත හඬගා හිනා මූණෙන්
වාසනාව ගැන මොර දෙනා
නැගණියේ නුඹෙ හිතේ දහදුක්
නිතර මා වෙත වදදෙනා..
#_අනුsh_
මවකගෙ උණුහුමට
පියෙකුගෙ සෙනෙහසට
වරම් අහිමිව
ඉපදුනෙන් මහ මගක ...
ඇති හැකි කෙනෙකුගෙන්
අයැදුවද පිහිටක්
නැත කිසිදු මිනිසත්කමක් ...
නැති බැරි අයම ඇති හැකි පමණින්
පිහිටවේය නිතැතින් ....
____ A.P. _____
Sunday, June 14, 2015
*********** හීන ඉසවුව 2 - "ඇස් " ***********
මීට කලින්
දැකලා නැති අමුත්තෙක්....වීදියේ අහම්බෙන් හමුවෙනවා..අතරමං වෙලා වගෙයි..කාගෙන්වත්
උදව්වක් ඉල්ලන්න බයෙන් වගේ වට පිට බලනවා.
"ඔයාට මුකුත් කරදරයක් ද? කාව හරි හොයනව ද ? මාත් මේ දිහාවෙ..මට පුළුවන් උදව්
කරන්න..."
මම කිව්වා.
"හ්ම්ම්....මට
සතුටුයි..හඳුනගන්න ලැබීම සතුටුක්!"
ඔහු වදන්
ගලපන්න පටන්ගත්තා..
"ඒ වුණත්..,
කාටවත් බෑ මට
උදව් කරන්න.මම අතරමං වෙලා හුඟ කාලෙක ඉඳලා..හැමෝම මාව රැවැට්ටුවා..මට ආදරෙයි
කියලා..
මට ආයෙත්
රැවටෙන්න බෑ"
"මම යන්නම්.."
මම ඔහුට
සමුදුන්නා..
"සුබ ගමන්!"
*******************
අපි නැවත
නැවතත් හමුවුණා..ඒත් අපි කතා කළේ ඇස් වලින් විතරයි..දවසක් ඔහු එන පෙරමඟ උවමනාවෙන්ම
මඟ හැරියා..මම දැක්කා ඒ ඇස් හොයන්නෙ මාව කියලා.
පහුවදා
සුපුරුදු වීදියේ නැවත අපේ ඇස් කතා කළා.
අද ආඩම්බරකම
ගෙදර තියලා ඇවිත්...
"ඔයාට පුළුවන් ද මගේ
ජීවිතයට සෙවණැල්ලක් වෙන්න...මම යන දිහාවෙ මගෙ ළඟින් ඉන්න..මට හරි පාර කියලා දෙන්න..."
පිටු ගණනාවක
කතාවක් ...පේළි දෙකකින් ඉවර කළා.
ඇත්ත
කියන්නම්..මාත් බලාගෙන හිටියේ මේ දවස එනකම්..
මම පොරොන්දු
වුනා..
"ඒත් මට බැහැ
කළුපාට..අඳුරු,හෙවණැල්ලක්
වෙන්න.."
ඔහුගේ ඇස්
මවිතයෙන් විසල් වුනා..
"මම පහන් තරුවක්
වෙන්නම්...ඔයාට පාර කියන...සුළං රැල්ලක් වෙන්නම්..විඩාව නිවන..සිහිල් දිය උල්පතක්
වෙන්නම් ..පිපාසය සන්සිඳුවන...මල් ඇතිරිල්ලක් වෙන්නම්.. ඔයා එන පෙරමඟ.."
හ්ම්ම්ම්.....
නිහැඬියාවක්..
ඉතින් ඊට
පස්සේ......ඒ "ඇස්"....මගේම වුනා........
**********************************
Saturday, June 13, 2015
සිතිවිල්ලේ අරුණැල්ල - තෙවන දිගහැරුම
මතකද අද වගේම දවසක ඔයා
මට ගොඩාක් ආදරෙන් ළංවෙලා ඉද්දි.
මං ඔයාගේ නලල මත තිබ්බ හාදුව..
ඔයා ඒ ආදරය කොච්චර අපූරුවට විඳගත්තද..
එදා.. ඔයා මගේ අතට දුන්නු,
ඒ ලස්සන රෝස පැලේ මං මගෙ ගෙමිදුලෙම ඉන්දුවා..
ඒ පැලෙත් අපේ ආදරේ වගේ ලස්සනට
මල් පිපිලා.. සුවඳයි..
ඒත් ඒ සුවඳ අද වැස්සට හේදිලා ගිහින්..
ඇදහැලුණු ධාරානිපාත වැස්සට
රෝස මලේ පෙති ඔක්කොම කැඩිලා.
මිදුල පුරාවට විසිරිලා..
හිතට දුකක් දැනුනා.. ඒ මල ගැන නෙමේ...
නොසිතූ විදියට අනෝරා වැස්සකට
අසුවෙලා විසිරිලා ගිය අපේ ආදරය ගැන
රෝස පඳුර තවමත් මගෙ හිත බිඳිනවා..
අපේ ආදරේ මතක හිතට අරගෙන ඇවිත්...
ඔයා දුන්නු ආදරය වගේම....
___ කසුන් නවරත්න...
බටහිර අහසේ පායන තරුවක්
බලා හිදී ඇස් පිය නොහෙලා
දැනුනද මේ දුක වැටුනද කදුළක්
මගෙ මේ රතු ඇස් දෙක දැකලා ..
පාළුයි මහදට සීතයි මේ රැය
උණුහුම දුර ඈතකට වෙලා
කියමිද කෙලෙසින් මගෙ මේ හදවත
රිදුම් දෙනව මුළු ගතම වෙලා ..
බෝඩිමෙ සිටියත් යාළුවො ගොන්නක්
මං අද තනියම ගුලි ගැහිලා
මතක් වෙනව මට උන් හැටි තුරුලෙම
අම්මගෙ ඇකයේ දෑස් පියා ..
පාළුයි අම්මේ සීතයි මේ රැය
ඉන්නට ආසයි නුඹ ළගට වෙලා
එන්නද පියඹා මේ රෑ යාමෙම
නිදන්න පෙර සේ තුරුළු වෙලා
__ ශානු සමරකෝන් ..
ආදරණිය නොරිකෝට ලියමි..
නන්නාදුනන දේශයට ගොඩ බැස්ස වෙලේ ඉදන් මං හරිම නොසන්සුන් එත් දවසක් තානායමේදී හම්බුන උඹ ගැන හිතද්දී මේ ජිවිතේට හුරු වෙන්න කියලා හිත කියනවා ඇහුනා .උඹත් එක්ක ගෙවපු හැම මොහොතක්ම මගේ හැම හුස්මකටම කා වැදුනා බන් .උඹයි මායි ලෝක දෙකක .. එත් එක හිතක් වෙන්න තමා දැගලුවේ .උඹත් එක්ක සකේ බිලා හිතේ තිබුන හැම දේම උඹට කියුවේ සිහියෙන් කියන්න බැරි නිසා .කබුකි බලන්න ගිහින් උඹේ සිනිදු අත මගේ අතේ දැවැටෙද්දී හිත හිරි වැටුනා බන් .සකුරා මල් වලට වඩා මට උඹ ලස්සනයි .එත් අපි ගැලපෙන්නේ නැ බන් .අනේ මන්දා අපි වගේ ගොඩක් අය මේ ලෝකේ ඇති. උන්ට කියන්න දෙයක් මටනම් නැ .මගේ වල ගාවට උඹ හැමදාම වරෙන් ඇවිත් මලක් තියපන් . මන් ඒ මල ඉඹින්නම් ඒ උඹට මං තාමත් ආදරේ නිසා ...
මිට
දෙවෙන්දරා
_______________________________________
__ ඉසුරු උදාර ..
ඔයා නිසයි නෙතු පිය සැලුවේ
ඔයා නිසයි හසරැල් නැගුවේ
ඔයා නිසයි හද ගැස්මත් මට දැනුනේ
ඔබේ පෙම නිසයි යළි ජීවය ලැබුවේ ..
මිලාන වූ පෙම් සිහිනෙක සේයා
හදවත නටඹුන් බිමක් කළා
නුඹ ඇවිදින් ආයෙත් හද මඩළට
නටඹුන් බිම පුද බිමක් කළා ..
පුංචි කුරුළු ඇස් දෙකකට නොපෙනෙන
විශ්වයෙ මහ ගිරි ශිඛර මත
දේදුන්නක ඇති පාට සෙමින් ගෙන
කවි පද ගෙතුවෙමි අපේ පෙම ..
__ නෙතුහෂිනි සංජනා ...
හිත රිදුණු තැන් නම් බෝමැයි
මේ වසන්තය මගෙ නොවෙමැයි
නෙත කඳුළ වාවා හිඳිමැයි
මට මලක් වනු නම් බැරිවෙයි.....
සෙනෙහසේ සිසිලක් නොවෙමැයි
ගිණි වැදුණු කතරක හිඳිමැයි
රැළි සරැළි සෙනෙතට දුරමැයි
මට දොළක් වනු නම් බැරිවෙයි....
අවපසේ අඳුරත් බෝමැයි
ඒ අඳුර වෙත පෙම් බඳිමැයි
මුදු එළිය නොපෙනෙන දුරෙකැයි
මට සඳක් වනු නම් බැරිවෙයි......
__ අසන්ති පෙරේරා ..
ගව් ගණන් දුර රැදුන
ඔය දෙනෙත් මා සොයන
මගේ හිත ළගම හිද
පාරවයි නුඹේ සිත
දුකම විතරක් ඇයි
පෙම් කළත් මගෙ සිතට ..
නුඹට හැකි දැනගන්න
ඔය හිතට පෙම් කළ තරම
මගේ මළගම දාට
වෙන හිතක් නෑ ළං වෙන්න
සත්තමයි ඔයා මිස ..
හුස්ම මගෙ ඔයාමයි
හැමදාම මගේ පණ
දුර අරන් යන්නෙපා
ඈත සගවන්නෙපා
ඔය සෙනෙන් මා ලදිමි
මා නොලද ජීවිතය ..
__ හංසිකා රොසයිරෝ ...
රන් හුයකින් කිසිදාක බැදෙන්නැති
අතැගිලි අපගේ කුමට ඇතී
දෙහදක නලියන පැතුමන් ගුලිකර
කදුළු ගගක පා කරමි මෙසේ
භවයෙන් භවයට පැතුමන් පැතුවත්
මේ භවයේ අපි නොලද සෙනේ
දිවියම හඩවා පැතුමන් ඉහිරැණු
අපට අහිමි පෙම්වතුන් අපී ..
අතැගිලි බැදගෙන දුරකට ගියදා
අපේම වී අපි සිටිය හැටී
ලා නිල් අහසට වළාකුළක් වී
අනන්තයට පා වුනා අපී
හඩවන්නට බැරි නෙතු පිය අද්දර
හැමදා ඉගිබිගි පෑවා අපී
කදුළ ඉතිරි කර දුරක ගියේ නුඹ
ඇයිද කියා පවසන්න ළදේ ..
නුඹවත් අහිමිව ගිය පසු මා හට
මගේ කියන්නට කිසිත් නැතී
නුඹෙ ආදරයම වත්කම් වූ මට
තනිකම පමණක් උරුම වුණී
භවයෙන් භවයට හමුවී වෙන්වෙන
පැතුමන් අපටම උරුම ඇතී
දෛවයෙ විලසින් වෙන්ව ගියත් නුඹ
මගෙ හිත තාමත් නුඹට හිමී ...
___ ඉදුෂ පවන් ෂරින්ද ...
උඹව
යදම්ලා
සිර කෙරුවත්
අයාලේ ගිය
උඹේ හිත
යදම්ලා
හිර කරගන්න
බැරි උනා
මට
-සුකිරි-
Subscribe to:
Posts (Atom)