පුංචි තරුවක් වෙලා හෙමි හෙමින් දල්වපු පුංචිම එළි තිත, ඒ මම, නොදැන හිටියා නුඹ මේ තරම් ලස්සනට වැතිරුනු සදක් වග. පෙම් කළා මා නුඹට. රහසින්ම දුටු සේයාවකට.කවි ලකුණු කොළ ගණනේ, දුසිම් ගණනේ දුර විහිදෙන අනන්තයකට...
හුරු නොවුනු ආදරයක,සෙනෙහසක මුලකුරු ලියා දුන්නා නුඹ, කවදාවත්ම නොයන බව කිව්වා නේද නුඹ.පුංචි බලාපොරොත්තුවක් විදුලි පහනක් වගේ දල්වන්න මම පෙරුම් පුරපු තරම්.දැනගත්තා මගේ ලස්සන සද මටනම් අයිති නැති බව, හිතාගන්න බැරිවුණා අහිමි ආදරයකට පෙම් කරන්නේ කොහොමද මම?
පිටාරෙ යන දුක් කදුලැලි සද්දයක් නොකර පිරිමදින ඔයා , මගේ එක සුසුමක දිගු මතකයක් තිබ්බා.මේ නහරයක් ගානේ ලේ බිදුවක් ගානේ නැවතුමක් නැතුව දුවන ඒ මතකයට, අහිමි ආදරයට මම ඒකපාර්ශවකරුවෙක් වුණා. හිනාවෙන්නද අඩන්නද නොදැන මනමාල ආදරයක් අමාරුවෙන් ගැට ගහන්න හැදුවා නේද මම ?
ලියවෙන කියවෙන පදරුත්, උපමා රූපක ගණනක් මැද්දේ මම මාවම හොයනවා, නුඹ මගේ ඇස් මානෙම පියාලනවා.නොදුටුවා වගේ පුංචි එළි තිතක් දීලා අන්ධකාරයක තනිකරලා නික්මෙනවා,
අත වැනුවත් පේන්නේ ඇහෙන්නේ නැති ඈතක නුඹ කවිකම් කරනවා,
හ්ම්ම්ම්ම්ම් ලකුණු විතරක් පේළියට තියෙන දුරකථන පණිවුඩ දිහා බලාගෙන මම තාමත් හිතනවා.
No comments:
Post a Comment