පන්හිඳට පැටලුන අලුත් හිත්....
දියලුමෙහි රූ රන්න
පින් පුරන පොද වැස්ස
දන්නෙ නැහැ එහි තිබෙන
හැංගිච්ච විලාපය...
හංගගෙන දුක් කඳුළු
ඇද හැලෙන අපුරුව..
බෑනේ මට අදහන්න
ඔයා සහයට එන්න.....
මුදු පවනෙ දවටලා
ගෙනත් දුන්නත් එහෙම...
බැහැලු තව දුර යන්න
නතර වී අතර මග..
ටිකක් දුර ගිහින්
හැරෙනකොට අපාසුම...
මග සලකුණු දෙයි නේද
සාක්ෂිය අද හෙටම...
දෑතෙ වාරුව දීල
හරි පාර කියන්නට..
හැකිය මට...පවසන්න
නුඹේ කැමැත්තේ තරම....
__අනුරාධ ප්‍රසාද්__
නික්මයාම ---------
දෑවුරුද්දක් බැඳුණ රන් හුය
අකල් සැඩ සුළඟකට සසැලුණ
බොරට හැරි නෙත් රැඳි කඳුළු බිඳ
කෑ ගසා පවසාවි හද දුක....
සඳවතයි නුඹ ම'සිත් අහසට
එළිය බෙදනා දිවි පුරාවට
සිතූ මුත් නුඹ තවත් අහසක
සඳක් වූ බව වැකුණි සවනත.....
මහ මෙරක් උස පැතුම් ගොන්නක්
හිම කිරම මෙන් දියව වැටුණට
දුකක් නෑ ඒ කිසිම දේකට
නුඹෙ නෙතේ ඔච්චම් බැලුම් හැර......
මකා සඳවත අමාවන රැය
අපෙ මතක සිත් පතුලෙ ගුලිකර
නුඹේ දෑතින් ළය දැදුරු වුණ
කිරිල්ලයි මා තටු සිඳී ගිය....!!
- අසන්ති පෙරේරා -
එන්න...
නවතින්න
හදවතේ ඉඩ ඇත..
යන්න
ඔබ එන්න ඕන නෑ
දිවියට..
හිනහෙන්න පෙර සේම
දකිනවිට ඔබ මාව..
ඕන නෑ පවසන්න
හිතේ ඇති දේ මෙමට..
දනිමි මං
මගෙ නොවේ ඔබ තවම ..
පතමි මං හැමදාම
මගෙ වෙන්න ඔබ ..
___ නුවන්ත ප්‍රභාෂ් ..
No comments:
Post a Comment