Saturday, May 30, 2015

සිතිවිල්ලේ අරුණැල්ල - දෙවන දිගහැරුම


සයුරු රළ පෙළ වෙරළ සිප ගෙන
ඈතට දිව යන හැටි මනරම්
දුරට ගිය රැළි නේන බව දැන
වෙරළ ඉකිබිඳ හඬන තරම්.........
නැවුම් රළ පෙළ විගස ඇවිදින්
වෙරළ මත මුදු හාදු තියන්
මතක සැමරුම් ඉතිරි කර යළි
ඇදෙයි ඈතට හෙමි හෙමින් ...
දැන දැනත් යළි නේන බව රළ
වෙරළ ආදරේ කල තරම්
දන්නවා මුතු පබළු රහසින්
වෙරළ මග බලනා තරම්......
_ශානු සමරකෝන්_ 

වර්තමාන ප්‍රේමය
පැනක්
කොලයක්
නැද්ද
අහලක
පට්ට
කැල්ලක්
ඉන්නවා
නොම්බරේ
දිගන්න....
..ඉසුරු උදාර...


පාරට බැහැල
ඇවිදන් යනකොට
මෙච්චර දුරක්
ආවද කියල
හිතෙනව වෙලාවකට
ඒත් කොච්චර දුරක්
ආවද දන්නෙත් නෑ
තව කොච්චර දුරක්
යන්න තියනවද
දන්නෙත් නෑ
මගේ ජීවිතේ...
..සුකිරි ..

සඳක් වෙලා පායා එන්න
මගේ ලොවට එලිය අරන්
දොළක් වෙලා ගලා යන්න
මගේ සිතට සිහිල අරන්
මලක් වෙලා පිපි එන්න
මගේ ලොවට සුවඳ අරන්
සදා කල්ම ලඟින් ඉන්න
මගේ සිතට සතුට අරන්.......
__අසංක අත්තනායක__

ආදරේට පාර කියන
ජීවිතේම පාට කරන
හීන ගෙනත් හිත පුරවන
මා රැවටුන ඒ මිරිඟුව..
තාමත් සිත මටත් හොරා
හැල්මේ දුව ගොස් නවතින
මිදුමකින් නෙතු බොඳ වන
ඒ නුඹේ ආදරේ ..
සිතිවිලි හා කඳුළු පුරවන
කඳුළු මගේ තනි රකින
මගෙත් නොවන මගේම වන
ඒ සඳවත ..
ආයෙ ඇවිත් නෙතු තෙමන්න
නුඹට තාම ඇත අවසර
ළඟදීම එන පුන් පෝ දින
අවසන් වෙයි නුඹේ වරම..
--අනුරාධ ප්‍රසාද්--

දිවිනහ ගත් කූඹියෙක්..

කූඹියෙකුට උනත්
තියේවිලු හිතක්..
කූඹියෙකුට උනත්
දැනේවිලු පෙමක්..

කූඹියෙක් උනත්
බිදුණු දාට පෙමක්
හිත රිදෙන හින්දලූ
කහට කෝප්පයටම පැන
දිවි නසා ගන්නේ....

#_අනුsh_

මටත් හිතයි නුඹේ ඇස් ගැන
අහස පුරා කවි ලියන්න
හිරුට තරු සඳුට
ආදර ගීත ගයන්න
ඔබෙයි මගෙයි කතන්දරේ
ලොවට කියන්න..
මට ආසයි නුඹේ හිනාව
සමනල තටුවකට අරන්
සමන් පිච්ච්ච මල් කැකුලක
පෙති සරසන්න
සියුමැලි සුදු මල් පෙති
එකිනෙක පිබිදෙන්න..
මහ රෑ කළුවරේ පිපෙන
හෙන්දිරික්ක මල් ගොමුවක
ආසයි මට ඔය නිල්නෙතු
තුළ කිමිදෙන්න
ඇත්නම් මට ඔය නා දළු
තොල් සිප ගන්න.......
-නෙතුහෂිනි සංජනා- 

හදවත පුරාම රූපය තියාන
දුරකට ගියාට ඔබ පෙර දිනෙක
යලි එන දාට මේ සිත ළඟට
අරන් එන්න ඔබ ගෙන ගිය සුවඳ
අපේ ආදරේ සුවඳ..
නෙත් මත තියාන ඔය නෙත් දෙකෙන්ම
මා හට කියූව පෙම් කවිය
මතකය තාම හදවත ළඟම
සිහිවේ ගෙවෙන හැම දිනම
ඔබ වේ කුසුම මා සෙව්ව..
කඳුළුත් එක්ක දුක්බර හීන
මතුවෙන රෑක ඔබ කොහිද..
දැනුනේ නැතිද වෙන්වුනු දාක
හඬනා වගක් මේ නෙත් සඟල
ඔබ නැති නිසා මතු දාක...
චූටි බස්සා..

තෙත බරිත නුවන් අග
සිනා හසකැන් මවා
ගිමන ළඟ සිසිල ගෙන
මද පවනෙ දැවටිලා
නොසිතු මොහොතක නුඹේ
හද විලම කළඹලා
පිපෙමි මම කුසුමක්ව
නැවුම් සුවඳින් වෙලා
-දාස්පෙති- 

ස්වේත මීදුම් ගලන උදයේ
ලහිරු කිරණින් පිනි දවන විට
පිනි සේම දිලුනා නුඹේ වත
නුඹ එක්ක බැඳුණා මගේ හිත
සෑම හිමිදිරි උදෑසනකම
නුඹව දැකගනු රිසින් මානෙත
සහස් වර දැවුනා අනේකව
දහස් දුක් දුන්නා
ඈත සමුදුරු සතක් ගියතැන
මා එතැයි නුඹ මග බලනවද
කෝල විලසින් බමන දෙනයන
මා සොයා තවමත් සරනවද
නුඹේ කෙහෙරැලි සමග මත්වී
මදනලත් දඟකම් කරනවද
ක්ෂිතිජ රේඛාවෙන් එහා දුර
මා ගිහින් බව නුඹ දන්නවද..
-අසේල රුක්ෂාන්- 

ඔබ එන තුරා
පෙරමග බලා
නෙතු රතු උනා
කඳුලැලි ගලා
ඔබ නැති නිසා
වෙනතක බලා
හිත සිර කලා
සඟවා තබා
ඔබ එයි සිතා
හැඬු නෙතු මෙදා
ඔබ ආ නිසා
දැන් හිනැහිලා
එනමුත් මෙදා
බෑ ලං වෙලා
ගන්නට බෙදා
සෙනෙහස එදා
ඔබ ඇගෙ වෙලා
මා දුර මෙදා
අපි වෙන්වෙලා
හිත් ළඟ තබා..
-දිලානි ඉනෝකා -
ගබ්සාව....

අසා ඇතිමුත් මවක සෙනෙහස සමුදුරට වැඩි යැයි කියා
විඳින්නට පෙර කරපු පින්මද
වීද නොදනිමි මට මෙදා
රැවුම් ගෙරවුම් ලෝකයෙන් එන
ඉවත හරිනට සිත සිතා
මවුනි නුඹ මට හැරී යන්නැයි
පැවසුවේ නොකියම
"පුතා".........!!

දිනෙක සෙනෙහස ලබන මොහොතක වඩින්නැයි ඇරයුම් ලබා
දුන්නෙ නුඹමයි තාම මතකයි
මවුනි නුඹ දෙඩු පෙම් කතා..!!
ඇහිරුවානම් මා වඩින මග
නොවෙයි මේ වැනි දුක් මහා
මගේ අම්මේ වේදනාවන් ඉවසගමි නොකියම කතා...!!

නුඹට ගැරහුම් දිදී පල නැත තවත් සුරතල් වී කුසේ
යා යුතුයි දැන් නොවේ කඳුළක් ගැලූවද රුධිරය ගතේ
තවත් මොහොතින් නතර වනු ඇත ගැහෙන හඬ වුව හදවතේ
ඉතිං අම්මේ අවසරයි මට.....
තවත් මං නුඹෙ
පුතු නොවේ......!!!!!!!
--Asanthi  Perera--
නැගෙනා හිරුරැස් සමගින් වෙලිලා ඔබ වෙත දිව එන්නම් ...
ඉඩ ලැබෙනා හැම මොහොතක් පාසා ඔබෙ නම මුමුණන්නම් ..
උපදින හැමදා ඔබේම වන්නට දෙවියන් යදිනෙමි මං ...
අම්මේ ඔබ මතු බුදුවන භවයෙත් මා පොඩි පුතු වෙන්නම් ...
______නුවන්ත ප්‍රභාෂ් ______ 


හෙට

නින්දක කෙලවර නොව
දවසක ඇරඹුම නොව
පැය විසි හතරක අවසානය නොව
එලඹෙන්නක් ද නොව

එහි පිරී ඇත්තේ................

පෙර දින අප කල කී දෙයෙහි
ප්‍රතිඵල හා අප
මවා ගත් ලෝකය තුල රඟමින්
නිර්මාණය කරන දෑය.
-ඉසුරු- [උදා වී නැත]
 

Thursday, May 28, 2015

ලියන්නම හිතෙන අයට ...


හදවත පුරාම රූපය තියාන
දුරකට ගියාට ඔබ පෙර දිනෙක
යලි එන දාට මේ සිත ළඟට
අරන් එන්න ඔබ ගෙන ගිය සුවඳ
අපේ ආදරේ සුවඳ..
නෙත් මට තියාන ඔය නෙත් දෙකෙන්ම
මා හට කියූව පෙම් කවිය
මතකය තාම හදවත ළඟම
සිහිවේ ගෙවෙන හැම දිනම
ඔබ වේ කුසුම මා සෙව්ව..
කඳුළුත් එක්ක දුක්බර හීන
මතුවෙන රෑක ඔබ කොහිද..
දැනුනේ නැතිද වෙන්වුනු දාක
හඬනා වගක් මේ නෙත් සඟල
ඔබ නැති නිසා මතු දාක...
චූටි බස්සා..

_______________________________
ස්වේත මීදුම් ගලන උදයේ
ලහිරු කිරණින් පිනි දවන විට
පිනි සේම දිලුනා නුබේ වත
නුඹ එක්ක බැඳුණා මගේ හිත
සෑම හිමිදිරි උදෑසනකම
නුඹව දැකගනු රිසින් මානෙත
සහස් වර දැවුනා අනේකව
දහස් දුක් දුන්නා
ඈත සමුදුරු සතක් ගියතැන
මා එතැයි නුඹ මග බලනවද
කොල විලසින් බමන දෙනයන
මා සොයා තවමත් සරනවද
නුබේ කෙහෙරැලි සමග මත්වී
මදනලත් දඟකම් කරනවද
ක්ෂිතිජ රේඛාවෙන් එහා දුර
මා ගිහින් බව නුඹ දන්නවද..
Asela Rukshan 
_______________________________

තෙත බරිත නුවන් අග
සිනා හසකැන් මවා
ගිමන ළඟ සිසිල ගෙන
මද පවනෙ දැවටිලා
නොසිතු මොහොතක නුඹේ
හද විලම කළඹලා
පිපෙමි මම කුසුමක්ව
නැවුම් සුවඳින් වෙලා
දාස්පෙති 
_______________________________ 

ඔබ එන තුරා
පෙරමග බලා
නෙතු රතු උනා
කඳුලැලි ගලා
ඔබ නැති නිසා
වෙනතක බලා
හිත සිර කලා
සඟවා තබා
ඔබ එයි සිතා
හැඬු නෙතු මෙදා
ඔබ ආ නිසා
දැන් හිනැහිලා
එනමුත් මෙදා
බෑ ලං වෙලා
ගන්නට බෙදා
සෙනෙහස එදා
ඔබ ඇගෙ වෙලා
මා දුර මෙදා
අපි වෙන්වෙලා
හිත් ළඟ තබා..
-දිලානි ඉනෝකා -

Saturday, May 23, 2015

පන්හිඳට පැටලුන අලුත් හිත්....



දියලුමෙහි රූ රන්න
පින් පුරන පොද වැස්ස
දන්නෙ නැහැ එහි තිබෙන
හැංගිච්ච විලාපය...
හංගගෙන දුක් කඳුළු
ඇද හැලෙන අපුරුව..
බෑනේ මට අදහන්න
ඔයා සහයට එන්න.....

මුදු පවනෙ දවටලා
ගෙනත් දුන්නත් එහෙම...
බැහැලු තව දුර යන්න
නතර වී අතර මග..
ටිකක් දුර ගිහින්
හැරෙනකොට අපාසුම...
මග සලකුණු දෙයි නේද
සාක්ෂිය අද හෙටම...

දෑතෙ වාරුව දීල
හරි පාර කියන්නට..
හැකිය මට...පවසන්න
නුඹේ කැමැත්තේ තරම....

__අනුරාධ ප්‍රසාද්__

නික්මයාම ---------

දෑවුරුද්දක් බැඳුණ රන් හුය
අකල් සැඩ සුළඟකට සසැලුණ
බොරට හැරි නෙත් රැඳි කඳුළු බිඳ
කෑ ගසා පවසාවි හද දුක....

සඳවතයි නුඹ ම'සිත් අහසට
එළිය බෙදනා දිවි පුරාවට
සිතූ මුත් නුඹ තවත් අහසක
සඳක් වූ බව වැකුණි සවනත.....

මහ මෙරක් උස පැතුම් ගොන්නක්
හිම කිරම මෙන් දියව වැටුණට
දුකක් නෑ ඒ කිසිම දේකට
නුඹෙ නෙතේ ඔච්චම් බැලුම් හැර......

මකා සඳවත අමාවන රැය
අපෙ මතක සිත් පතුලෙ ගුලිකර
නුඹේ දෑතින් ළය දැදුරු වුණ
කිරිල්ලයි මා තටු සිඳී ගිය....!!

- අසන්ති පෙරේරා -
එන්න...
නවතින්න
හදවතේ ඉඩ ඇත..
යන්න
ඔබ එන්න ඕන නෑ
දිවියට..
හිනහෙන්න පෙර සේම
දකිනවිට ඔබ මාව..
ඕන නෑ පවසන්න
හිතේ ඇති දේ මෙමට..
දනිමි මං
මගෙ නොවේ ඔබ තවම ..
පතමි මං හැමදාම
මගෙ වෙන්න ඔබ ..
___ නුවන්ත ප්‍රභාෂ් ..

අපි එක්ක එකතු වෙන්නෙ මෙහෙමයි


'' සහෘද නිර්මාණ " පිටුවට කවි එවන සහ ඒ ගැන උනන්දු වෙන යාළුවොන්ට පුංචි මතක් කිරීමක්. සමහරවිට මේ වෙද්දි ඔයාලා දැනුවත් ඇති අපි ඔයාලා වෙනුවෙන්ම නිර්මාණය කරපු " මිතුරු පන්හිඳ " Blog අඩවිය ගැන. ඒ ගැන හරියටම නොදන්න අය වෙනුවෙන් පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. '' මිතුරු පන්හිඳ " කියන්නෙ, මෙතෙක් " සහෘද නිර්මාණ " වලින් එළි දක්වපු ඔයාලගෙ කවි සිතුවිලි තැම්පත් කරපු පුස්තකාලයක් වගේ තැනක්. ඔයාලගෙ පරණ කවි නිර්මාණ දිහා ආයෙමත් සැරයක් බලන්න ඕන කියල හිතුනොත් http://thoughtsfromheartfanpage.blogspot.com/ ලින්ක් එක ඔස්සේ '' මිතුරු පන්හිඳ" Blog අඩවියට ගිහින් බලන්න පුළුවන්. ඔයාලගෙ පැරණි නිර්මාණ බොහොමයක් මේ වෙද්දි අපි එහි ඇතුළත් කරලා තියනව.

ඒ වගේම තමයි, මින් ඉදිරියට '' සහෘද නිර්මාණ " ඉදිරිපත් වෙන්නෙ ටිකක් වෙනස් ආකාරයකින් . මෙයිට පෙර අප එය බදාදා සහ ඉරිදා දින දෙකෙහිම ඉදිරිපත් කළත් මින් පසු ඉදිරිපත් වෙන්නෙ ඉරිදා දිනයෙහි පමණයි. නමුත්, ඔයාලා එදිනෙදා එවන නිර්මාණ එවූ දිනයේම හෝ පසු දිනයේ '' මිතුරු පන්හිඳ " Blog අඩවියට අපි ඇතුළත් කරනව. ඔයාලට පුළුවන් ඒ නිර්මාණ බලන්න වගේම ප්‍රතිචාර දක්වන්නත්. (කැමති නම් ලයික්, කමෙන්ට්, ෂෙයාර් කරන්න. ) ඒ නිර්මාණ එම සති අන්තයේ ඉරිදා දිනයේ පුරුදු විදියට Thoughts From Heart හි '' සහෘද නිර්මාණ " ලෙස ඉදිරිපත් වෙනව. එතනදි අපි ඔයාලගෙ ඒ සතියෙ නිර්මාණ වලින් හොඳම නිර්මාණය එදිනම '' සහෘද නිර්මාණ " පිටුවෙ ඇගයීමක් සමග ඉදිරිපත් කරනව. ''හොඳම " කියල අපි තෝරන්නෙ , හිතට දැනෙන අර්ථයක් සහිතවත් කාව්‍යමය පද, උපමා රූපක, සහ අදහස ප්‍රකාශ කර තිබෙන ආකාරය අනුවයි. ඔයාලා අපිත් එක්ක කොයි තරම් හිතවත්ද, කොයි තරම් කාලයක සිට අපි එක්ක එකතු වෙලා ඉන්නවද, කවි කොපමණක් එවල තියනවද මේ කිසිම දෙයක් මේ තේරීමට බලපාන්නෙ නැහැ. අපි එක්ක ඒ සතියෙම එකතුවුනු අලුත්ම යාළුවෙකුට වුනත් මේ ඇගයීම හිමිවෙන්න පුළුවන්.

අනිත් ඇගයීම අපි ලබා දෙන්නෙ ඒ සතියේ නිර්මාණ වලට ලැබුණු පාඨක ප්‍රතිචාර අනුව. ලයික්,කමෙන්ට්ස්, ෂෙයාර්ස් ප්‍රමාණයේ එකතුව අනුව වැඩිම ප්‍රතිචාර ලැබුණ නිර්මාණය ඇගයීමට ලක් කරනව. ඒ අනුව, මේ සතියෙ ‍ජනප්‍රියම නිර්මාණය ඊළග සතියේ ප්‍රකාශයට පත් වෙනව.

තවත් දෙයක් කියන්නම ඕන. කවි නිසදැස් වලට විතරක් නෙමෙයි, කෙටි කතා ආදියටත් අපි ඔයාලට ඉඩකඩ වෙන්කරලා තියනව. ඉතිං... ටික දවසක් විරාමයක නැවතුන '' සහෘද නිර්මාණ " පුරුදු විදියට මේ ඉරිදා දිනයේ ඔයාලට දැකගන්න පුළුවන්. ඒ වගේම පහු ගිය දින කීපයේ ඔයාලා එවුව එහෙත් ''සහෘද නිර්මාණ " හි පළ නොවුන ඔයාලගෙ කවි, අපේ ''මිතුරු පන්හිඳ " Blog අඩවියේ පළ වේවි ඉරිදාට පෙර.

අවසාන වශයෙන්, ඉස්සර වගේම ඔයාලගෙ කවි සිතුවිලි අරන් ඇවිත් අපි එක්ක පුරුදු ලෙන්ගතුකමින් එකතු වෙන්න කියලත් , ඔයාලා දන්න, '' ලියන්න " කැමති අයටත් මේ පණිවිඩය දීලා '' සහෘද නිර්මාණ " සහ '' මිතුරු පන්හිඳ " ට එක් කරවන්න කියලත් ආදරෙන් මතක් කරනව. ඒ වගේම .. අපිව කියවන, " ලියන්න " කැමති ඕනෑම කෙනෙකුටත් අපි සමග එකතු වෙන්න කියල සුහද ඇරයුමක් කරනව. නිර්මාණ එවන්න ඕන විදිය පෙර පරිදිමයි, ( Inbox එකට හෝ Thoughts From heart time line එකට )

දැනගන්න දෙයක් තියනව නම් අහන්න අපෙන්,

නෙතූ / හේමන්ත



සිතිවිල්ලේ අරුණැල්ල ........


පපුවට බර වැඩි සුසුම් වැල් එක්වෙලා
දවන විට හිත මගේ ඔබ ගැනම සිහිවෙලා
ළඟින් උන් පෙර දවසෙ මතක පොත පෙරළිලා
වැගිරුනා කදුළු බිඳු සාගරේ පරදවා

හදවතේ ගුලි ගැහුණු ආදරේ බිඳ දමා
යන්න හිතු‍වේ කොහොම අපෙ මතක හැරදමා
තුන්යමේ නිදි නැතිව මතක අපෙ හඬනවා
කියන් මගෙ රත්තරනෙ කොහොම ඉන්නද කියා

කල්ප යුග යුග පැතූ ආදරේ මගෙ ඔයා
බෑ ඉන්න තනිවෙලා හිත තවම හඬනවා
ළඟින් උන් ඔය සෙනෙහෙ මගෙම වෙන්නට සිතා
මියෙන්නම් නුඹ නමින් මතු සසරෙ නුඹ පතා

_ශානු...



ඔබට එපා වූ
මගෙ හිත ඉල්ලා
තවත් හිතක්
මා අමතනවා...
කිවමැන ආපසු
එනවද නැතිනම්
යනවද මා
අමතක කරලා.....
_ සූකිරි ..

මැටි හට්ටියේ
දන්කුඩ හුරගෙන කාලා
අත්දෙක ගෙවෙනකන්
කඩයප්පන් තම්බපු උඹ
කනේ කරාබු දෙක
උකස් තියලා
පොත් ටික අරන් දීපු උඹ
බඩට නොකා මට කවපු
උඹට කවන්න පොවන්න
කවදා හරි මං ඉන්නවා
මගේ අම්මේ ..
_ ඉසුරු උදාර..

නුඹේ දෑස් මත
ගැඹුරට එබී
නුඹ සෙවූ මට
නුඹේ නෙත්
ගැඹුරේ හිඳ
නුඹ නොව
මම ම හමු විය ..
_ දාස් පෙති ..


නෙලූ සමන් මල් දෝත දරාගෙන
අම්මා බුදු පුදට වඩින්නේ..
පින් පාටයි මුලු නිවසම අම්මේ
ඔබ ඉන්නා කල අප නිවසේ..
බුදු පදවි පතාගෙන නොවේ අම්මෙ ඔබ
දරුවන් ආදරයෙන් හැදුවේ
තුන් හිතකින්වත් නැහැ ඔබ කිසිදා
දරුවන් සමඟින් තරහා වුනේ..
දෙවෙනි බුදුන් ඔබ මගේ පහන ඔබ
ඉර හඳටත් වැඩියෙන් වටිනා
මෙතේ බුදුන් දැක නිවන් දකීවා
අම්මේ ඔබ කල පින් මහිමෙන්
පෙරදා මා හිස අතගෑ ඔබෙ දෑතින්
යලිත් වරක් මා හිස අතගා
බණ පදයක් දෙසමින් සනසවමින්
අම්මේ මා සුවපත් කල මැන
මතු දාකදි ඔබ බුදු වුනු දා....

චූටි බස්සා...

මගේ පුංචි පුංචි
සිතුවිලි ඔයා 
හ්ම්...
ඒක හරියට
තරු වලින් පිරිච්ච
අහස වගේ ..
ඒත් ..
මට ඒ තරු වලට ලං වෙන්නවත්
බැරිවුණා 
නමුත්....
දවසක
ම ඒ තරු දිහා බලාගෙනම
මැරිලා යයි..
-Téar Öf Tíchiz-



තුන් හිතම පාලුවෙන් වුණත්

මේ පින්බර මාසෙ

මං ඔයා වෙනුවෙන්

එකම පැතුමක් පතනවා

ඔය ඇස් වල කඳුළක්

ඔයාගෙ හිතට දුකක්

වෙන්න එපා සදා ...

-AP-

මගේ හීනේ මටත් නොදී අරන් ගිහින් නුඹ ඈතට
ඒ හීනෙට මං වාගේම නුඹත් හිතින් පෙම් කලාද
ඔයා මගේ කර ගන්නට හැමදා මා මැවුව හීන
එකතු වෙලා උතුරා යන හැබෑ නොවන හීන ගොඩට .......
හීනෙන් වත් ඔයා මගේ ළඟට ආයෙ එන්නෙ නැතිද
හීන ලොවක මා සැරුවත් පියවි ලොවේ නෙත් හැරගෙන
සමුදුන්නත් පහන් ව රැය නොනිදා මැවු හීන වලට
රත්තරනේ සත්තයි නුඹ හිටියා ඒ හැම හීනෙම...
___නලීන් දිල්රුක්ෂ___ 

අහස් වියන යට
තරු කැට වෙන්නට
පෙරුම් පිරූ හැටි
අපි දෙන්නා...

පෙර සංසාරෙක
පුරුදු අරන්
මේ ලෙස හමු වුවද
අපි දෙන්නා..

දුරස් නොවී ඉමු
මියෙන තුරා කල්
මේ ලෙස සෙනෙහෙන්
අපි දෙන්නා..

නිවන් දකින දා
එක් වී නිවනට
පියමං කරමුද
අපි දෙන්නා..
___හිරු___ 

මලක් ඇඩුවා දිගට හරහට....
ඈත කෙලෙවර
පුවක් ගහ යට
දෙතුන් දවසක් අඬ අඬා..
දිගට හරහට වැරදි කීවා
මලක් තණකොල
දුක් වෙලා..
කෙලින් ඇස් දෙක
වත්තෙ හරි මැද
රෝස පඳුරක් ඇත බලා..
නිතර ඔච්චම් කළා මා හට
එයා හරි ලස්සන නිසා..
ගෙදර ඇත්තොත්
කිසිම දවසක
බැලුවෙ නෑ මං ගැන සොයා..
රෝස පදුරට ආලෙ කෙරුවා
පුංචි දැරිවී සෝබනා..
බිඟුන් ඇවිදින්
විහිළු කෙරුවා
සුවඳ ලස්සන නැති නිසා..
මගේ ලස්සන පුංචි හදවත
හීරුනා දුක වැඩි නිසා..
මිනිස් හිත් ගැන
නිතර පත පොත
තුලින් දැක්කා කියවලා..
ඒත් කොහොමද නපුරු මා හට
ලොවේ මල්වැල් හැමදෙනා..
නිතර ඇහෙනව
රේඩියෝවෙන්
සිංදු කියනා මල් ගැනා..
උපන් දා සිට
බලං හිටියා නෑනෙ මං ගැන
ගායනා..
එක්කො කරුමෙයි
සිතා නාඩමි
කාටවත් නෑසෙන නිසා..
අනේ ආසයි බුදුන් පාමුල
පරව යන්නට හිනහිලා..
#_අනුsh_

පිරිත් පැන් පොදක් මෙන් පින් බරව
මගේ සිත සනසවා
වෙහෙර මළුවක් වගේ සන්සුන්ව
ජීවිතය පහදවා
බණ පදයක් තරම් බැතිබරව
සෙනේහය පුද දෙවා
පියාණන් නොමැති ලොව
හිරු ඇතත් නැත දිවා...
සිනාසෙන්න මග කියලා
මගේ කඳුළු නුඹ ගත් දා
ලොවට හොරෙන් මටත් වඩා
නුඹ හැඬුවා මං හන්දා
දුවට මවක මිස කවුරුත්
තවත් ලොවේ නැති හන්දා
නුඹේ නමින් නැගුනු කඳුළු
මගෙ දෙනෙතේ සුව වින්දා...
මවුපිය ගුණ කියාගන්න
දුවකට කිසි දින බැරුවා
මවුපිය නැති දින දුවක ගෙ
කඳුළු වලට මිල නැතුවා
මවුපිය සෙවනැලි අතරේ
දුවකට සැනසුම ඇතුවා
මතු උපදින ආත්මයේ
නිවන් දකින්නට පැතුවා...
____Dilani____ 


ඔබ මා වෙන්වී ඉවතට යාමෙන්
දුක් ගී ගැයුවේ සොදුරු පෙමයි
හද පෙම් පුදසුන මත පිදු ප්රේ මය
පෙර පවකින් ගැරහුම් ලැබුවයි ..
අනිමිස ලෝචනයකට සමවැදී
බලා සිටියෙ ඔය දෑස දෙසයි
එයින් මිදී අන් ලොවක් දකින්නට
අමතක වූ ගානයි ..
ප්‍රේම භාවනා සතර කමටහන්
බිද දැමුවේ ඔබමයි
යළිදු වතාවක් බවුන් වඩන්නට
නොහැකි ඒ නිසාමයි ..
චංචල සිත නිසසල කරගන්නට
දැවුණු හදට යළි ඕනෑමයි
ඉතිං නික්ම යනු හද පෙම් කුටියෙන්
පෙම් අසපුව ඔබ හට අකැපයි .. 
__නෙතුහෂිනි සංජනා ..

Sunday, May 17, 2015

කෝඩුකාර මල් සුවඳ...


නුඹ මෙමට බෝ දුරයි
පෙනි පෙනී නෙත් ඉමේ
දුක් දෙවන නිල් අහස වගේමයි ...
මං නුඹට ආදරෙයි
අහිමි බව දැන දැනම සදට පෙම්
කරන කිරි දරුවෙක් වගේමයි ...
අපි අපට බෝ දුරයි
සසර මග බොහෝ වර
අපට අප මගහැරී ඇති තමයි ...

_ Dilani Inoka ..
නුඹ සිහිනයක් වී මගේ සිත අද්දර
දඟකාරකම් කෙරුවත්.....
දවසින් දවස අපි අපිට අහිමි වන බව දැනුනත්
කෙලෙස අත් හරිම්ද....
නුඹ නොදන්නවාට
නුඹ මාගේ ආත්මය වී හමාරය....
නුඹ ගෙන් මං ඈත් වෙන්න හැදුවත්
ඈත් වෙන්න බැරි උනා....
අහස කොච්චර ලොකුද දන්නවද..
අන්න ඒ තරම් මට නුඹව ඕන උනා...
යන්න ඕන උනත්
නුඹ නැතුව කොතන යම්ද මා......
ආදරෙයි ගොඩක්...................
හිතයට කකියන මේ දුක අනේ,
දැනෙනව නම් නුඹට......
දුක මට විතරයි..................
අනාගතයක් නැති අප පෙම ගැන......

_ මනි ..


විනිවිද පෙනෙන
මගේ හදවත් කඩදාසිය මත
පර්මනට් මාකරයකින්
නොමැකෙන ලෙස ලියු
ඔබේ ආදරය
කාලයේ මකන දියරය ඉස
සියුම් ලෙස වෙහෙස ගෙන
මකන්නට ගත් ඒ තැත
නැවතුනේ අවසානයේ
ඉරි මා හදවත....
...පොකුරු.......
ගුරු කුලයට නිතී පා යුග ඔසවන
තවමත් හරිහැටි නොදුටු ඔබේ
නිල්නෙතු දැකගනු නොහැකිව මා සිත
තවමත් ඉකිබිඳ හඬා වැටේ ....
පාලු හදක් මත හීන ගොඩක් මැවූ
අහංකාර මුදු වදන් ඔබේ
කෝල කළත් රෑ තුන්යම මා හා
මදි යි කියා මට නිතර සිතේ .........
විටෙක තියුණු හී පරදන වදනින්
කීරි ගැසෙන මගේ හද මඩලේ
නුඹ ගැන ඉපැදුනු පෙම් සිත මියැදී
නොයාවි උපදින හැම භවයේ ...
____________________
නලින් දිල්රුක්ෂ

බිය......
ඇයට නොහැගුන.....
මටම හැගුන.....
මගේම ආදරය.....
පැවසීමට නොව.....
අහිමි කර ගැනිමට..........
_________________
ලහිරු කරනායක

ඉස්පාසුවක් නැතිව නුඹ දුන්
ආදරේ යළි සිහිකරන්නම්
නෙතේ බොඳවුණු කඳුළු අතරින්
අසරණව නුඹ දෙස බලන්නම්..
රිදවලා නුඹ දුකක් දුන්නත්
නුඹේ සතුටම ගැන හිතන්නම්
සිනහ පමණක් නුඹට තියලා
කඳුළු අරගෙන ඈත වෙන්නම්...
________________
දසුන් ලක්රුවන්  
කවුලුව අතරෙන්
හිරිකඩ අතරෙන්
නුඹව දුටුවෙමි
හරි අපුරුවට
හැර යන ලස්සන
මගේ ආදරය..
____________
ඉසුරු උදාර 
රෑ නිදි නැතිව උබලා ඇති දැඩි කෙරුවා.....
බඩට නොකා උබලගේ බඩකට පිරුවා.....
අකුරු නොදත්තත් උබලට ඉගැන්නුවා.....
දුක් සයුරින් එතෙර කරන්නට වූවා....

උබලත් එක්ක ඉන්නට අපි සිත් පැතුවා....
පැලේ සැපට කල වයසත් ලං වූවා.....
අම්මයි මමයි උබලගෙ තාලෙට නැතුවා...
උබලා අපිව තනි කර යන්නට වූවා....

පුංචි පැලේ අගහිගකම් ගොඩයි පුතේ.....
නමුත් උබලා හරි සතුටින් හිටියා පුතේ.....
අදත් අපිට උබලා මතක් වෙනවා පුතේ......
තනි කෙරුවේ ඇයි මඩමක අපිව පුතේ.....
__________________________
විරාජිනී රසංගිකා පෙරේරා



දරා දුක් කන්දක් තරම් මම
සෙවනැල්ල වී සිටියෙ නුඹ ළඟ
නෑර නුඹ ආව වරදට
යන්න අවසර දෙනෙත් මගහැර ...
නික්ම යමි මම රැගෙන
උණුසුම් ම සුසුම් ස්වරය
සංසාර ස්නේහයේ අනුහසක
තබා සඟවා අපේ අතීතය .........
__ඉෂු හෙටිටීආරාචිචි__


නුඹ නැතුවනුඹ ඉන්න
සිහිනයක්
මවන්නද මං
හැමදාම
නවතින්න
නුඹ එනවනම්

____________
තිරාජ් කසුන්

සිහිනයක් ලෙස පාව විත්
මගෙ හද අද්දරින්
පෑයු සද ඔබයි..
අසන හැම ගීතයේම
දකින හැම සිහිනයේම
මුළු ජිවිතයටම
රැදුණු ඒ රැව ඔබයි..
සසර සැරි සරණා
තුරැම මා පතන්නේත්
ඔබම පමණයි..

____පියුමි නිසංසලා____

ඔබ නොවිඳි සුව විඳි.......
නෑයින් ද මිතුරන්ද
කලකින් නොදුටු හැම
පිරිවරා මම හිඳිමි
මැද සාලේ සුන්දරව.......
මා උපන් උදෑසන
වැළඳගෙන සිඹි ලෙසම
වෙන් වෙලා මට යන්න
සමු දෙන්න බෑ කියා
මගේ මව මගේ මුව
බදා සිප හඬනු ඇත.......
සුදු වැලි අතුල මඟ
ඔබ සෑම සියලු දෙන
ඇදෙනු ඇත මා සමඟ.....
සුන්දර වූ නවාතැන
වෙත මාව හැරලවා
සුදු අරලියා සෙවනේ
මගේ නිවහන තනා
සියලුදෙන සිය නිවෙස්
සොයාගෙන ඇදෙනු ඇත.....
කීම එහෙත් හිතවත
කඳුළුවැල් ඔබේ මුවේ?
දිවි මගට සමුදුන්නේ
අද නොවේ අද නොවේ
ඔබ මාව හැර ඇගේ
තුරුලේ සැනසුණු දිනේ .....
වියෝ ගිනි නිවී ඇත
සීතල වූ මගේ හදේ...
නිහඬ මිනිසුන් හිඳින
සොඳුරු වූ බිම්කඩෙහි
කඳුළු සුසුමන් නොමැත
නිදමි මම ඔවුන'තර
සැනසුමින් නොනිම් වූ......
____________________ 
සිහින සෙනෙහස 

සුදු වෙරළ තීරයේ පිය නගා ගියපු අපි
නුඹේ පපුවට තුරුළුව උන් හැටි
ආදරෙන් නුඹ මට තිලින කල හාදු වැස්ස
අද මට කඳුළු වැස්සක් වී වැටුන අපූරුව... 
__________________
නෙතු මදුෂානි

ගොඩවීම ආරම්භයයි
එහි විවිධ අය සිටී
ඇතැමුන් නාඳුනයි
ඇතැමුන් හඳුනන බව දැනේ
ඒ සසර පුරුදු අයයි
මෙහි දිගු දුරක් යන අය සිටී
ගමනාන්තයට නොයා
බැස යන අයද සිටී
බැසයාම අවසානයයි
බසයකි ...
අපේ ජීවිතය ..
___රුසිරු දුලංජන___ 


අහස කළු කරල
වැහි ලිහිණියොත් පියඹනව
ඉස්සර වගේමයි
කළියෙන්ම තාත්තා වී ටික ගෙට ගන්න දිව්ව.,
තෙමී නොතෙමි වගේ
පුංචි ගෙපැළෙ ඇතුලෙ
යකඩ ඇඳ උඩ ගුලි වෙලා
අම්මගෙ රස කතන්දර අහන
තුරුලට වෙලා ඉන්ඳි
කුසගින්නක් දැනුනෙ නැහැ මට,
සකසුරුවමෙන් දිවිය නම් ගෙවනව මම අද
අම්ම නැති අඩුව පිරිමහගන්න දන්නෙ නැහැ ඒත් මම....
_______________
උපේක්ෂා නවරත්න 

___________වීරයා____________

ගින්දර වගේ තිබුණ අව්වෙ රස්නෙ එකපාරටම වැඩි වුණා.හැරිලා බලන කොට මම දැක්කා ඔයාව. එක පාරටම මම නම් ඔයාව අඳුනා ගත්තා.කාළය කුරුළු වෙස් අරගෙන ඉගිලිලා ගියත්,මගෙ හිත අද්දර නැවතිලා තිබුණ “දඩබ්බර අනාථයා” ගැන මතකය, නැවුම් සුවඳක තිබුණා.

අපේ බස් එකට ගොඩවෙලා හිටිය ‘අයියලා’ ගැන, මං ඒ කාලෙ ඒ තරම් උනන්දුවෙන් බැලුවෙ නෑ.ඒත් ඉඳලා හිටලා කෙල්ලන්ගෙ කොල්ලන්ගෙ ඔළු අස්සෙන් ඔයාගෙ ඇස් දෙක මා ළඟ නතර වෙන එක මට අමුත්තක් වුණා. ( හැරිලා බලන්න තරම් ලස්සන ඇස් මට නොතිබුණු බව නම් මම දැනගෙන හිටියා.) ඔයාගෙ ඇස්වල අන්තර්ගතය යටහා ගත හැකි ගැහැණු ඉවක්, ස්වභාව ධර්මය මට තිළිණ කරලා තිබුණා. මං ආයෙත් ඔයා දිහා හැරිලා බැලුවේ ඒකයි.
ඔයාගෙ G.E.L.T. අවසානයේ මාව මුණ ගැහිලා බොහෝම බුද්ධිමත් විදිහට ඔයා ආදරේ ගැන ප්‍රශ්නය මට යොමු කළා. මං දැන ගෙන හිටපු කොල්ලොයි ඔයයි අතර තිබුණ එකම වෙනස, බුද්ධියත් නිහඬබවත් බව මම මැනගෙන තිබුණා. ඒත් යාළුවො අතර ඔයා දඩබ්බරයෙක් බවත් ම‍ට දැණිලා තිබුණා. නපුරු හිතක් කියලා බැලූ බැල්මට කියන්න බැරි වුණත් ඔයා ටිකක් නපුරු කෙනෙක්.ඔය සේරම දැනගෙනයි මම අර ඔයා ඉල්ලපු සදාකාලික බැඳීමට මගෙ ආදරේ දුන්නෙ හරියට මල් වට්ටියක් පූජාසනයක් උඩ තියනවා වගේ භක්තියකින්. අවට ගියාට වැඩ නොකරන කෙල්ලෙක් විදිහට පිළිගැනිලා තිබුණ මටත් වැරදුනා කියලා මගෙ යාළුවා හිනා වුණා. (අර බස් එකේ දි ඔයාට දඩිය දාලා කියලා මම රහස් කිව්ව කෙල්ල-චාපා) කොහොම හරි මම ඔයාට මගේ ආදරය භාර දුන්නා. (වරදවා හිතන්න එපා. මම ගොඩාක් දුර හිතලයි එහෙම කළේ)

ජීවිත කණපිට පෙරලුණ කාලයක් තිබුණා ඔයාට මතක ඇති.අපි මුණ ගැහුණ අන්තිම දවසෙ මගෙන් සමු අරගෙන යද්දි ඔයා කිව්වා සරසවි ශිෂ්ය යෙක් වීම මේ කාලෙ කරුමයක් බව.ඇහුණ පෙණුන දුක්මුසු දේ නිසා මං බය වුණේ ඔයාගෙ ජීවිතේ ගැන. (මොකද ඒ වෙන කොට නොදැණුවත්වම, මගේ ජීවිතෙන් අඩක් ඔයාගෙ ආදරෙන් පිරිලා තිබුණා). බොළඳයි තමයි. මං දන්නෙ නෑනේ ඉතිං ඔයාවගේ නිතර බුද්ධිමත්ව ගැඹුරෙන් අකුරු පෙළ ගස්වන්න.
මං උසස් පෙළට ඉගෙන ගත්තෙ ජීවිතය ගැන රස විඳීම ගැන, සාහිත්යල නිර්මාණ ගැන.( ඔයාට මතකද මංදා මං ඒ කාලෙ උසස් පෙළ සිසුවියක් වෙලා හිටිය බව)

විභාගෙට ලියන්නවත් මට සිහියක් තිබුණෙ නෑ.
ඇයි එහෙම වුණේ?
මගෙ සරසවි කුමාරයා අතුරුදහන් වෙලා!ඔයාගෙන් ලිපියක්වත් ලැබුණෙ නෑ දීර්ඝ කාලයක්.හිතේ තිබුණෙ සරසවි ආවොත් මට ඔයා ගැන හොයා බලන්න හැකියි නේද කියන කල්පනාව. මම විභාගය සමත් වුණත් සරසවි වරම අහිමි වුණා. මේ සේරම අස්සෙ මම ඔයාට මාසෙකට ලිපි හතර පහක් ලිව්වා. සමහර දාට ලිව්වෙ බැනලා. (ඇතැම් ලිපි ලියන කොට කඳුළු වැටිලා බොඳ වුනා අකුරු ටික...) ඉඳ හිට නොහිතුනාමත් නෙවෙයි ඔයාට සරසවියෙදි මට වඩා උගත් රූමත් කුළ කුමරියක් සරසවිය මුණ ගස්වලා ද කියලත්. මට මතකයි ඒ කාලෙ G.E.L.T. අර ලස්සන මුහුණක් දිග කොණඩයක් තිබුණ කුමාරිකාව!

මේ අස්සෙ තමයි මං දවසක් දැක්කෙ නාඳුනන විදිහට ඔරවගෙන අහක බලා ගෙන ගිය බඩු ලොරිය. ඒකෙ පිටිපස්සෙ එල්ලිලා ගිය කළු වෙලා දාඩිය පෙරා ගත්ත ක්ලීනර් කොළුවා ඔයා බව මං දැනගත්ත කියලා ඔයත් දැනගෙන එහෙනම්.ඔව්.... එදා මම ඇඬුවා. සතුටත් දුකත් සංකලනය වුන හැඟීමක් ඒක. එකක්, ඔයාට කිසි දෙයක් අනතුරක් වෙලා නෑ. ඒ ගැන සතුටුයි. දුක: ඔයා දුක් විඳිනවා. ඔයාව එහෙම දැක්කට පස්සෙ මම සමා‍ජෙට ද්වේෂ කරන්න ගත්තා. මං සඳළුතලාවක කුමාරියක් බව ඇත්තයි.ඒත් ඔයාට වචනයක් දුන්නට පස්සෙ මට වැටහෙන්න ගත්තා යස ඉසුරුවලට වඩා වටින්නෙ මනුස්සකම බව.සමාජය ගැන මිනිස්සු ගැන මට කියලා දුන්නෙ ඔයා.අපි ඔක්කොම මිනිස්සු කියන හැඟීම මට දුන්නෙ ඔයා.

ඒත් ඔයා මාව හරි හැටි තේරුම් අරගෙන නෑ.මං ඔයාගෙ ජීවිතේට අනුව හැඩ ගැහෙන්න හැදුවා.(සමහර විට ඒ පරණ ලොරියෙ තිබුණු මලකඩ ගඳ මට දැනිලා, ඔයාගෙ කළු වෙලා ගැට මතු වුණ දෑත දැක්කාම මට ඔයාව එපා වෙයි කියලා ඔයා හිතන්න ඇති). කොහොමත් කොල්ලො ඉස්සර ඉඳලා කෙල්ලක් ළඟ දෙවෙනි වෙන්න කැමති නෑ.මං බෑ කියන්න කළින් බෑ කියල මගෙ ප්ර්ථම ආදරේ මට ආපහු දෙන්න ගිහින් තමයි ඔයාට වැරදුනේ. එදා හංදියෙ තාර පාර ළඟ වැටුන ආදරේ කිළිටි වෙලා තිබුණේ ජීවත් වෙන්න වෙර දරණ ඔයාගෙ දාඩිය සුවඳින්.ඔයා නොසැලකිල්ලෙන් ආපහු ලොරියට නැගිනවා වගේ පෙන්නුවෙ, මගේ හිතේ ඔයා ගැන තියන දයාව ආදරේ අඩු කරගන්න වෙන්න ඇති.මම ඉස්සර නොදුටුව ශ්රේවෂඨ බවක් පෞරුෂයක් ඔයාගෙ ජීවිතේ අස්සක තියෙන බව මට වැටහුනේ එදා. පොළවට වැටුනත් ඔයා සාධාරණව ජීවිතේ ගැට ගහ ගනියි.

මං ඉල්ලුවෙ දීපු ආදරේ නෙමෙයි.ඔයාගෙ ජීවිතේට අනුකූලව හැඩ ගැහෙන්න අවස්ථාවක් විතරයි. එන්න කිව්ව‍ට පුස්තකාලෙට මම නොආවෙ, එතන ඉකිබිඳුමකටවත් අවස්ථාවක් නැති නිසා.මගෙන් ලැබුණ දේවල් කරදරයක් බව අඟවලා, කිසිම තෙතමනයක් නැතුව (අර නපුරු කම ඉස්මතු කරලා) ඔයා මගෙ නොඉඳුල් ආදරේ මා ළඟ බිම දාලා, බයිසිකල් කටුවෙන් ඉගිලිලා ගියා මාව හොඳටෝම අසරණ කරලා. ඇඬුවා මම. ඔයා මාව දාලා ගිය නිසා....මගේ ආදරේ මා පාමුල අත ඇරියට, බිංදුවක්වත් අඩු නැතුව ඔයාගෙ ආදරේ තාමත් තියෙනව පරිස්සමට. මං ඒක කඳුළින් හේදුවෙත් නෑ කාටවත් දුන්නෙත් නෑ ඉල්ලුවට. (නරක ආරංචිවලට අත් තටු තියෙනවා) කඳුලෙන් හෝදන්න කිළිටි වෙලා නෑ ඒ ආදරේ ඔයාගෙ දාඩියවලින් සුවඳ වෙලා මිසක්.

ඔයා මට වීරයෙක්, අවි අත නොදැරුවාට.පවතින වාතාවරණය යටතේ දෙපයින් නැගී සිටිය හැකි වීරයෙක්. උපාධිය හංගගෙන නගරෙ උණුවන තාරපාර උඩින් ඉගිලිලා ගිය ලොරියක හරි ඔයාව දකින්න ලැබීම භාග්යයයක්. පසුව බස් නැවතුමේ දි හමු වුණු වෙලාවෙ, ඔයා මාව අමතක වෙලා බව අඟවන්න වෙර දැරුවා. ඒත් ඔයා යටිහිතෙන් දුක් වුණා නේද මීට දෙවසරකට පෙරාතුව මගේ ආදරේ දමලා ගහලා ගිය හැටි සිහි වෙලා නේද? ඔයාගෙ ඇස් ඒකට සාක්ෂි දැරුවා.....

ඔයා හැමදාම මාව අඬවන කථා කියලා, “ඔන්න ඔයාගෙ ඇස්වල කඳුළු” කියලා කිව්වා.ඒත් මං ඒ කදුළටත් ආදරෙයි.නත්තල් කුණාටුවෙ දූවිල්ල නෑ. (අඬන්න මං තවත් බය නෑ කවුරු දැක්කත්) පොද වැස්සකට පස්සෙ සුවදායක සිහිල් සුළඟක් අරන් ඇවිත් නත්තල් කුණාටුව. ඉඩෝරෙට වේලුන ගහ කොළ හිටිහැටියෙ පිණි පොදින් නෑවිලා. වෙනදා වගේ ම මං තාමත් බස් නැවතුමේ බලං ඉන්නවා. ආයෙමත් අර ගිනි රස්නය දැණෙන තුරු, මේ සීතල කුණාටුව යටපත් කරගෙන කවදාක හරි......
_________________________
*නිලිකා*

Saturday, May 16, 2015

අතීතයෙන් එන මල් සුවඳ





සීතලට ගතු කියන
රෝස මල් පෙති අතර
අතරමං වී හඬන
මගේ හද දුටුවාද ..

රෑ අහස පුරාවට
කඳුළු කැට වස්සන
පුංචි තරු කැට අතර
මගෙ දෙනෙත් දුටුවාද ..

සුමුදු මුදු පවන් රැළි
අතරටම සැඟවිලා
නුඹම සොයමින් ඇදෙන
මගෙ සුසුම් දුටුවාද...
______________________
උදයන්තා හේමමාලි ලියනගේ ..





විරහ කඳුලින් පෙඟී
යන්තමින් පණ ගැහුණු හදවතට
ජීවයේ හුස්ම ගෙන
නුඹ ඇවිත් හෙමි හෙමින්
ඇත්තමයි මට කඳුළු අමතකයි...
කුරුළු ගී සින්දු මැද
මල් උයන් කොනක නොව
අපටත් හොර රහසින්ම
ආදරය ගැන නොදොඩාම
අපේ සිත් යා වුන අපුරුව..
දුකම කවි කල සිතට
සිනහ කවියක් රැගෙන
දැන් ඉතින් ළඟ ඉන්න
සෙනෙහසින්...
කුළුඳුලේ නොවුනාට
නුඹ නමින් උපන් පෙම
ඒ තරම් පිවිතුරුයි
දැන් ඉතින්
හිනැහෙන්න අවසරයි...

___ චතුරානි වේරගොඩ ...



තැන තැන නවතින
හිත අරගෙන මගෙ ලඟින්
ආයෙත් නොඑන්න
නුඹ යන්නම යනවනම්
සංසාරෙම රැකගෙන ආ
හිතවන්තකම්
මෙතෙකින් අතහැර
සත්තයි සමුදෙනව මං..
නුඹ මගෙමයි හිත හිත
නිදි නැති නෙතු පියන්
හැම රෑකම නුඹ සිහි කර කර
හැඬුව මං ...
නන්නාඳුනනා ලෙස
නුඹ ඉද්දී දුරින්
නුඹ දන්නවාද
දුක උහුලන තරම මං..
රෑ අහසක තරු තරමට
පෙම හිත තියන්
මල් පෙති ගානෙම ලිව්වත්
කවි නුඹ නමින්
කවදාවත් ඔය හිත
මගෙ වෙන්නැතිමනම්
මේ පෙම් කතාව මෙතෙකින්
නවතනව මං ....


____හර්ෂණී කේ. පෙරේරා ..


ඔය ඇස්
මට ගොඩක්
වටිනවා ............

ඔයා
වචනයෙන් නොකියපු
හුඟාක් දේවල්
මං
ඔය
ඇස් වලින්
කියවපු නිසා.....
මට විශ්වාසයි
ඔය ඇස්
කවදාවත් මා
නොරැවටු බව.....


__ Téar Öf Tíchiz ..



පාර පාරා හිතත් දෙනෙතත්
තෙමන කඳුලයි නුඹ මගේ
රිදුන හිත ගෙන යන්න හැදුවම
තරහා වෙන එකමයි වැඩේ..
මටත් නුඹ මිස කවුරුවත් නෑ
රන්ඩු වෙන්නත් මේ වගේ
පපුවටම කර තියා ගත්තේ
හුස්ම හින්දයි නුඹ මගේ..


___ අහස්යා තරුදිනී ...


පරණ තාලේ car රථයක්
නැවතුනා මහ පාර මැද්දේ
හතර වට කර වහන රොත්තේ
ගැහුව horn හඬ එකම යුද්දේ
කිසිඳු කෙනෙකුන් බැලුවෙ නැත්තේ
රියදුරා අසරණව ඇත්තේ
ඔහුට තනිවම බැරිය කිසි සේ
තල්ලු කෙරුමට වාහනේ
සුපිරි වාහන ඇතුලෙ හිඳගත්
සුපිරි ඇඳුමින් ගතම වහගත්
නළා හඬ උඩ වැතිර සිටගත්
එකෙකුගෙන් නැත ඔහුට පිහිටක්
මෙන්න මනුසත් කමේ සරදම්
පසෙක සිටි එක කුඩා දරුවෙක්
දැන්ම තල්ලුව car රථයට
ඔහුගෙ වෙර ඇති නොවුනි රථයට
දුටුව මෙය සිව්දෙසින් සිටි උන්
උනු උනා හද දුටුව දසුනින්
ගතේ වෙර නොව සිතෙ වෙරනින්
සියලු දෙන එක් උනා සැනෙකින්
වාහනේ පණ ලැබුව මෙලෙසින්
සියලු දෙන පිනවුනා සතුටින්
මෙයයි මනුසත් කමේ සිතුවම්
මොන තරම් සුන්දරද මිනිසුන්

____ ඉමන්ත අහංගම ..


දවාගෙන ලය හෙළන සුසුමක
ඇත්තෙ නුඹෙ පෙම විතරමයි
අනේ නිදුකින් හිඳියි නම් නුඹ
මගේ සිනහව නුඹ ළගයි...

___ ක්‍රිෂාන් කෞශල්‍ය...




තනිකම හොරාට
කවිකම මගේ
හොරකම් කරාන
ගිය හැටි අගේ

නුඹ ගැන හිතාන
සිතුවිලි ගගේ
සිතුවිලි පෙරාන
හදවත දිගේ

මම මග බලාන
ඉන්නෙමි ඔහේ
මා නෙතු වසාන
නිදිමත නැගේ

___ අසේල රුක්ෂාන් ..

හන්දියෙහි කරක් ගහගෙන සිට.....
ගැහනියක බිරිද කරගෙන.....
දරුවො දෙන්නෙක් හදාගෙන.....
අනෙකුන්ට කන්ඩ දීම නොවේ.....
සිර ගෙයක හො ජීවත් වී.....
සිර මැදිරියෙහි වෙනසක් කොට....
'උඹ හොද එකා'‍යි ඇසීමයී
හැඩ වුවද, සැඩ වුවද.......
නොකඩවා ගලා ගොස්.......
ඵලක් නති ගගක් වී
මුහුදට වැටීමට නොවේ
දුප්පතුන් රජුන් කොට......
රජුන් දුප්පත් කොට......
ප්‍රාණය පණ නැති වී මිය ගිය විට
මිනිසුන්ගේ හද තුල සතුටින් ජීවත් වීමයී...
____ ඉසුරු උදාර සේනාධීර ...